අරලියගහ මන්දිරය අසල පාරක් වසර 19කට පසු ඇරේ..

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් ඊයේ (04) සවස යළි ජනතාවට විවෘත කෙරුණා.

මෙසේ විවෘත කරනු ලැබුවේ 2005 වසරේ දී  වසා දැමුණු ආර්.ඒ.ද මෙල් මාවතේ සිට අරලියගහ මන්දිරය හරහා මයිකල් වට රවුමේ සිට රොටුන්ඩාව වට රවුම දක්වා මාර්ගයයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි පොලිසිය විසින් මෙම මාර්ගය විවෘත කිරීම සිදු කිරීමට පියවර ගෙන තිබුණා.

Latest News

error: Content is protected !!