පියුමි පැය 9 ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උත්තර බඳී..

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් ඊයේ (04) පැය 9 ක් ප්‍රශ්ණ කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. 

මීට මාස කිහිපයකට ඉහත නීතිවිරෝධී වත්කම් උපයා ගැනීම සබන්ධයෙන් ඇයට එරෙහිව චෝදනා එල්ල වූ අතර ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරාම්කරුවකු ළඟ තිබී සොයා ගැනීම සම්බන්ධයෙන් දඇයට චෝදනා එල්ල වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇයගෙන් ප්‍රශ්ණ කරනු ලැබුවේ එම මෝටර් රථය පිළිබඳ සිදු කරන විමර්ශනයකට ආදාළවයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ කර ගැනුණා.

ඒ අනුව පියුම් හංසමාලි එම BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළා.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 9ට පමණ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති අතර පස්වරු 6ට පමණ ඇය ඉන් පිටත්ව ගොස් තිබුණා.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ පියුමි හංසමාලි,

“අධිකරණයේ පවතින නඩු විභායක් නිසා මේ ගැන මට කතා කරන්න බැහැ, මට හරිම මහන්සියි, උදේ ඉඳලා.. නඩු කටයුත්ත ඉවර වුණාම ප්‍රකාශයක් දෙන්නම්,..”

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...