ආණ්ඩුව IMF වැඩසටහන වෙනස් කරන පොරොන්දුව සාකච්ඡා මේසෙට එන්නත් කලින්ම කුණු බක්කියට දැම්මා …

ජාතික ජන බලවේගය ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳ ජනතාවට පොරොන්දු වූ පරිදි ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල වෙනස් කිරීමට වචනයක් හෝ කතා කර නොමැති බව සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසනවා.

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහන තුළ ණය තිරසාර කිරීමේ විශ්ලේෂණය (Debt Sustainability Analysis-DSA) යනු කිසිසේත් වෙනස් කළ නොහැකි එකක් බව සමගි ජන බලවේගය මුල සිටම පෙන්වා දුන් නමුත් ජාතික ජන බලවේගය එය වෙනස් කළ හැකි බවට ජනතාවට බලාපොරොත්තු ලබා දුන් බව ඔහු සඳහන් කළා.

“අපි මුල ඉඳලම DSA එක වෙනස් කරන්න බෑ ඒකට හැකියාවක් නැහැ කියලා.නමුත් ඔවුන් විද්වත් කතාවලදී ජනතාවට කතා කරපු අවස්ථාවලදීත් කිව්වෙ නෑ අපි මේක වෙනස් කරනවා කියලා.ඇත්ත වශයෙන්ම අනුර කුමාරි ජනාධිපතිතුමා කිව්වා අවුරුදු එකහමාරක් උත්සාහ කරනවා මේක වෙනස් කරන්න කියල වෙනස් කරන්න බැරි වුණොත් අත අරිනව කියලා.මිනිස්සු එක විශ්වාස කරා මිනිස්සු හිතුවා අවුරුද්දකින් මේක සාධනීය වෙනස් කරන්න බලයි නැත්නම් කරන්න පුළුවන් කෙනෙකුට ඉඩ දෙයි කියලා.අපි මේක හාත්පසින්ම වෙනස් දෙයක් කිව්වේ.අපි ඇත්ත කතා කරා.යථාර්ථය කතා කරා කරන්න පුළුවන් මොනවද බැරි මොනවද කියලා කතා කළා.මං අද කියනවා කිසි විදියකට මේ අය DSA එක වෙනස් කරන්න තියා වෙනස් කරන්න ඉල්ලන්නෙත් නෑ.

මේ අය දිගින් දිගටම කිව්ව මේක කරනවා කියලා.අවුරුදු එකහමාරක් තියා දවස් එකහමාරක්වත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරේ නෑ.හොරකම් කරන සල්ලි හොයනවා කිව්ව.හොරකම් කරපු එක සතයකට ගෙවන්නේ නෑ කිව්වා.ඒ කිසි කතාවක් නෑ.එක හම්බුණු පළවෙනි දවසෙම එකඟ වෙලා.

ආර්ථික විද්වත් කමිටුව වචනයක් කතා කරාද? එක්කො මේ අය සම්පූර්ණයෙන් ජනතාව නොමඟ ඇරියා.එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් මුකුත්ම දන්නේ නැතුව තැන් තැන්වලකතා කිව්වා.මෙයාලා මහාචාර්යවරු නිසා දැන නොදැන ඉන්න විදියක් නෑ.මේ කළේ ජනතාව රැවටීමක්.එකත් එක්ක එක වචනයක් තර්ක කරන්න බැරි කණ්ඩායමක් ද ඕනේ.මේ රටේ මිනිස්සුන්ට ඒක ද ඕන?මේක ලොකු මිරිඟුවක්.ජනතාවට දුන්න පොරොන්දු සාකච්ඡා කරන්න කාමරයට එන්න කලින් කුණු බක්කියට දාලා ඔළුව වනලා ඔව් ඔව් කියලා ස්ටේට්මන්ට් එකකුත් ඉෂූ කරලා වැඩේ ඔක්කොම හරි කියලා.”

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!