ඒමිරේට්ස් ගුවන් යානා තුළ පේජර්ස් සහ වෝකි ටෝකි තහනම්..

ඩුබායි හි එමිරේට්ස් ගුවන් සේවය ලෙබනන් සටන්කාමී කණ්ඩායමක් වන හිස්බුල්ලා සංවිධානය භාවිත කළ සන්නිවේදන උපාංගවලට පසුගිය මාසයේ ප්‍රහාර එල්ල කිරීමෙන් පසු එහි ගුවන් යානා වලින් පේජර් සහ වෝකි ටෝකි තහනම් කර කර තිබෙනවා.

“ඩුබායි සිට ඩුබායි වෙත හෝ ඒ හරහා ගමන් කරන සියලුම මගීන්ට ගමන් මලු තුළ පේජර් සහ වෝකි ටෝකි ප්‍රැගෙන යාම තහනම් කර ඇත” ගුවන් සේවය සිකුරාදා සිය වෙබ් අඩවිය ඔස්සේ නිවේදනය කර තිබුණා.

ලෙබනනය පුරා එකවර පේජර් යන්ත්‍ර හා ඊට සමාන ආකාරයකින් වෝකි ටෝකි පුපුරා යමෙන් පසු ඇති වූ අවධානම සහ බිය හමුවේ එමිරේට්ස් සමාගම මෙම තීරණයට අවතීර්ණ වුණා.

ප්‍රහාරය සම්බන්ධයෙන් ලෙබනනය චෝදනා කළේ ඊශ්‍රායලයටය.

මේ අතර කලාපයේ විශාලතම ගුවන් සමාගම වන එමිරේට්ස් සිකුරාදා යාවත්කාලීන කිරීමකදී කියා සිටියේ ලෙබනනයේ අගනුවර වන බේරූට් සිට සහ බේරූට් දක්වා ගුවන් ගමන් ඔක්තෝබර් 15 දක්වා අවලංගු කරන බවයි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!