නසරල්ලාගෙන් පසු ඊළඟ හිස්බුල්ලා නායකයාත් අතුරුදන්…

ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ නායක හසන් නසරල්ලාගේ අනුප්‍රාප්තිකයා බවට පත් වීමට සිටි හාෂිම් සෆියඩීන් සමඟ සම්බන්ධතා ගිලිහී ගොස් ඇති බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කර තිබෙනවා.

සිකුරාදා බේරූට් හි දකුණු තදාසන්න ප්‍රදේශවල ඔහු ඉලක්ක කර ඊශ්‍රායල ප්‍රහාරයක් සිදු වූ දා සිට කණ්ඩායමට සෆියඩීන් පිළිබඳ තොරතුරු කිසිවක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. 

ඔහු හිස්බුල්ලා සංවිධානයේ විධායක කවුන්සිලයේ ප්‍රධානියා ලෙස සේවය කළ අතර සංවිධානයේ ඉහළම නායක්ත්වයේ උරුමක්කරු ලෙස කටයුතු කළ තැනැත්තාය.

ඔහු නස්රල්ලාගේ මවගේ පාර්ශවයේ සහෝදරයෙක් වන අතර 1980 ගණන්වල ඉරානයේ දී ඔහු සමඟ එකට අධ්‍යාපනය හැදෑරු බව පැවසෙනවා.

සැප්තැම්බරයේ හිස්බුල්ලා සංවිධානයේ පේජර් සහ වෝකි ටෝකි ඉලක්ක කරගත් පිපිරීම් වලින් පසුව සංවිධානය “අවසානය වන තුරු පසුබට නොවන” බවට ප්‍රකාශයක් ද ඔහු විසින් සිදුකර තිබුණා.

එක්සත් ජනපදය 1997 දී හිස්බුල්ලා විදේශීය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කරන ලද අතර 2017 දී සෆියඩීන් විදේශීය ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරනු ලැබුවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...