රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස DIG ධම්මික ප්‍රියන්ත පත් කෙරේ..

රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

ඒ අනුව එම තනතුරට තාවකාලිකා පත් කර ඇත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතාය.

එම පත්වීම ස්ථීර කරගැනීම සඳහා පොලිස් කොමිසමේ නිර්දේශ ලබාගැනීමට යවා ඇති බවයි වාර්තා වන්නේ.

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකය භාරව කටයුතු කරනු ලැබුවා.

Latest News

error: Content is protected !!