‘ලෝකයේ ධනවත්ම නළුවා’ කියලා ඇහෙනකොට එකපාරටම ඔළුවට එන නළුවෝ හතර පහක් ඉන්නවා. ටොම් කෲස් (Tom Cruise),ජොනී ඩෙෆ් (Johnny Depp),ඩ්වේන් ජොන්සන් (Dwayne Johnson) වගේම අල්ලපු රටේ ෂාරුක් ඛාන් (Shah Rukh Khan) ඔව්.නිසැකවම ඔවුන් සුපිරි පෝසතුන් තමයි. ඒත් ධනවත්ම නෙවෙයි. ඒ ගෞරවය හිමි වන්නේ එක් ජනප්‍රිය චිත්‍රපට මාලාවක් පමණක් රඟපෑ මිනිසෙකුටය.
ඔහු ටයිලර් පෙරී (Tyler Perry)ය. ටයිලර් පෙරී ලොව ධනවත්ම පිරිමි නළුවන්ගේ ලැයිස්තුවේ ඉහළින්ම සිටින පුදුම නාමයයි. ඔහු නළුවෙක්, චිත්‍රපට නිෂ්පාදකයෙක්,නාට්‍ය රචක යෙක් මෙන්ම ප්‍රකෝටිපතියෙකි. බ්ලූම්බර්ග් හා ෆෝබ්ස් වාර්තාවලට අනුව ඔහුගේ වත්කම ඩොලර් බිලියන 1.4ක් පමණ වන අතර එය ලෝකයේ ඕනෑම පිරිමි නළුවෙකුට වැඩිය.
විකට නළු ජෙරී සයින්ෆෙල්ඩ්(Jerry Seinfeld) ඩොලර් බිලියන 1 ක ශුද්ධ වත්කම් සමඟ එම ලයිස්තුවේ දෙවැනි ස්ථානයේ පසුවේ.
ඔවුන් දෙදෙනාට පසුව එම ලැයිස්තුවේ පළමු පස් දෙනා අතර සුපිරි නළු ඩ්වේන් ජොන්සන් (ඩොලර් මිලියන 890), ෂාරුක් ඛාන් (ඩොලර් මිලියන 870) සහ ටොම් කෲස් (ඩොලර් මිලියන 800) සිටී.
පෙරී වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ජනප්‍රිය හාස්‍ය Madea චිත්‍රපට මාලාවේ Mabel ‘Madea’ Simmons ගේ චරිතය නිර්මාණය කිරීම සහ නිරූපණය කිරීම සඳහා ය.
මෙම කතා මාලාව සජීවී ක්‍රියාදාම චිත්‍රපට 12 කින්, නාට්‍ය 11 කින් සහ රූපවාහිනී ප්‍රදර්ශන රාශියකින් සමන්විත වෙනවා.
නමුත් පෙරී මෙම චිත්‍රපට මාලාව හැර වෙනත් චිත්‍රපටවල රංගනයෙන් ලොකු භූමිකාවක් ඉටුකර නැහැ.
ටයිලර් පෙරීට මුදල් ලැබෙන්නේ විනෝදාස්වාද ලෝකයෙන් වුවත් රංගනයෙන් පමණක් නොවේ. Forbes සඟරාවට අනුව, ඔහු Madea සහ ඔහුගේ අනෙකුත් චිත්‍රපට සහ නාට්‍යවල නිර්මාතෘ සහ නිෂ්පාදකයා ලෙස උපයාගෙන ඇති මුදල ඩොලර් මිලියන 320ක්.
පෙරී යනු හොලිවුඩයේ ඔහුගේම චිත්‍රාගාරයක් හිමි නළුවන් කිහිප දෙනා අතර එක් අයකු වන අතර මාධ්‍ය දැවැන්තයෙකු වන ViacomCBS හි කොටස් ද ඔහුට හිමිය. ෆෝබ්ස් වාර්තා කරන්නේ ටයිලර් පෙරී සතුව ඩොලර් මිලියන 300ක් “මුදල් සහ ආයෝජන” සහ ඩොලර් මිලියන 40ක් වටිනා “නිවාස සහ වත්කම්” ඇති බවයි. ඔහු ලොව ධනවත්ම නළුවා බවට පත් වී ඇත්තේ මේ සියල්ලේම එකතුවෙනි.