ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂක මණ්ඩලවලට රැස්වීම තහනම්

ව්‍යවස්ථාපිත මණ්ඩල සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් අත්හිටුවන බව රජය නිවේදනය කර තිබෙනවා.

අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි පවසන්නේ මෙම කාලය තුළ එම ආයතන ප්‍රධානීන් කිසිදු පරිපාලන තීරණයක් නොගත යුතු බවයි.

සමහර මණ්ඩලවලට මේ වන විටත් නව සභාපතිවරුන් පත්කර තිබෙනවා.

ඉදිරියේදී ඉතිරි අධ්‍යක්ෂ මණ්ඩල සඳහා සුදුසු ප්‍රධානීන් අදාළ ඇමැතිවරුන් විසින් පත් කරන බව ද ලේකම්වරයා සඳහන් කරනවා.

Latest News

error: Content is protected !!