පොලිස් ස්ථානවල ගොඩගැසී ඇති පැමිණිලි සති දෙකෙන් අවසන් කරන්න..

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

හෙට (07) සිට දින 14 ක් ඇතුළත එම පැමිණිලි විභාග කර අවසන් කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා සියලුම උසස් නිලධාරීන්ට උපදෙස් ලබා ඇති බවයි තල්දූව මහතා සඳහන් කළේ.

ඉකුත් මැතිවරණ කාලසීමාව තුළ 65,000කට අධික පොලිස් නිලධාරින් සංඛ්‍යාවක් විශේෂ රාජකාරී සඳහා යොදවා තිබුණා.

එම කාලසීමාව තුළ දිවයිනේ පොලිසි ස්ථානවල විවිධ පැමිණිලිවල ගොඩ ගැසීමක් දක්නට ඇති බව වැඩ බලන පොලිස්පතිවරයාට නිරීක්ෂණය වීමෙන් අනතුරුව විම තීරණය ගෙන ඇති බව තල්දූව මහතා වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

එජාබ සජබ යළි එක් කිරීමේ මෙහෙයුම සාර්ථකයි

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය යළි ඒකාබද්ධ...

6 ශ්‍රේණිය සමලිංගික මොඩියුලය ගැන හරිනිගේ ප්‍රකාශය එයි.. අඩුම කණගාටුවවත් නැහැ…

රජය 2026 වසරේ සිට හඳුන්වා දුන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ...

ලතා වල්පොලට රාජ්‍ය ගෞරවය නොදී රාජ්‍ය අනුග්‍රහය දුන් හේතුව.. ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය...