හිටපු ඇමති මස්සිනාගේ ලක්ෂ 700ක ප්‍රාඩෝ රථයක් හංගලා..

රුපියල් කෝටි හතක් පමණ වටිනා ව්‍යාජ අංක තහඩුවක් යොදා තිබූ සුඛෝපභෝගී ජීප් රථයක් බදුල්ල ලුණුගල පෞද්ගලික විදුලි බලාගාරයක සඟවා තිබියදී සොයා ගත් බව බදුල්ල කොට්ඨාස අපරාදිමර්ෂණ අංශය නිලධාරීන් පවසනවා.

මෙම රථය බස්නාහිර පළාතේ හිටපු ප්‍රබල ඇමතිවරයකුගේ මස්සිනා වන පුද්ගලයකු විසින් පරිහරණය කර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වූ එම රථයට සවිකර තිබී ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට අයත් මෝටර් රථයක අංකය බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවයි පොලිසිය පවසන්නේ.

බදුල්ල දිසාභාර නියෝජ්‍ය පොලිස්පති, සුජිත් වෙදමුල්ල මහතාට ලැබුණ තොරතුරක් අනුව බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු පොලිස් කණ්ඩායමක් ලුණුගල විදුලි බලාගාරයක් පරීක්ෂා කර මෙම ප්‍රාඩෝ ජීප් රථය සොයා ගැනීමට සමත් වුණා.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...