ජනපති ගැන ව්‍යාපාරිකයන් තුළ දැඩි විශ්වාසයක්…කොළඹ කොටස් වෙළඳ පොළ ශීඝ්‍රයෙන් ඉහළට

ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා මහතා පවසනවා.

කොටස් වෙළඳ පොළේ දර්ශක අගයන් එලෙස ඉහළ යාම සාධනීය තත්වයකි.

කොටස් වෙළඳ පොළ අගයන් රටේ ආර්ථික,දේශපාලනික ස්ථාවර තත්වය මත රැදි තිබෙනවා.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි වියාපාරිකයන් දැඩි විශ්වාසයක් තබා ඇති බව පැහැදිලිය.

ඒ අනුව වියාපාරිකයන් කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් සිදුකරන බව වසන්ත අතුකෝරළ මහතා සඳහන් කළා.

විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොළට ආකර්ශනය කර ගැනීමට අවධානය යොමුවිය යුතුය.

එමගින් විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ලැබීම සහ කොටස් මිළ දර්ශන අගයන් තවදුරටත් ඉහළ යා හැකි බව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

චිත්‍රපට හදන්න ලංකාවට එන්න.. විජිතගෙන් ඉන්දියාවට ආරාධනාවක්

ඉන්දීය ආයෝජකයින්ට සහ චිත්‍රපට නිෂ්පාදකයින්ට සංචාරක ව්‍යාපෘති සහ චිත්‍රපට...

රාජ්‍ය බැංකු දෙකක් ප්‍රතිව්‍යුහගත කරයි

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (Housing Development...

වාහන සඳහා උපරිම ණය සීමාව සංශෝධනය වේ

මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම්, ලියාපදිංචි මූල්‍ය...