ජ්‍යාත්‍යන්තර පාසලක සිසුවිය නෙළුම් කුළුනේ 29 වැනි මහලෙන් බිමට පනියි

කොළඹ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක සිසුවියක් අද (07) පස්වරුවේ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් වැටී මිය ගිය බව පොලිසිය පවසනවා.

එම තට්ටුවේ තිබී පාවහන් යුගලයක් සහ පාසල් බෑගයක් සොයාගත් බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම (පුද්ගලික) ආයතනය තහවුරු කළේ CCTV දර්ශනවලට අනුව දැරිය කුළුණේ 29 වැනි මහලෙන් පැන ඇති බවයි.

මුලික විමර්ශනවලට අනුව එය සියදිවි නසා ගැනීමක් බවට සැක කරන බවයි පොලිසිය පවසන්නේ.

ජීවිතක්ෂයට පත් වූ දැරිය වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසේ පසුවන්නෙකු බවට විශ්වාස කෙරේ. ඇය ගේ සිරුර තුන්වන මහලෙන් හමු වූ බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.

මේ අතර නෙළුම් කුළුණේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එහි කළමනාකාරීත්වය සඳහන් කළේ.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...