නෙළුම් කුළුණෙන් පැන්න සිසුවිය සහ ඇල්ටෙයාර්වලින් පැන්න සිසුන් දෙදෙනා අතර පුදුමාකාර සම්බන්ධයක්…

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලින් 16 හැවිරිදි දැරිය සියදිවි නසාගෙන ඇති බවත්, ඇයගේ මරණය මීට පෙර කොම්පඤ්ඤවීදියේ ඇල්ටෙයාර් සුඛෝපභෝගී මහල් නිවාසයේ පාසල් මිතුරන් දෙදෙනෙකුගේ සියදිවි නසාගැනීම් සමඟ සම්බන්ධ බවත් අනාවරණය වී තිබෙනවා

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවිය ඊයේ (07) සවස කොළඹ නෙළුම් කුළුණේ නැරඹුම් මැදිරියෙන් ඇද වැටී මිය ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

පොලිස් පරීක්ෂණවලට අනුව මියගොස් ඇත්තේ කොළඹ ජාත්‍යන්තර පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක්. පාසල් අවසන්වීමෙන් පසු ඇය නෙළුම් කුළුණ නැරඹීමට ගිය අතර එහිදී ඇය ඛේදජනක ලෙස 29 වන මහලෙන් බිමට පැන තිබුණා.

ඇය මෙම වසරේ ජූලි මාසයේදී කොම්පඤ්ඤවීදියේ ඇල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් පැන සියදිවි නසාගත් සිසුවියන් දෙදෙනාගේ සමීපතම මිතුරියක් බවටද අනාවරණ වී තිබෙනවා.

ඇල්ටෙයාර් මහල් නිවාස හි සිදුවූ ඛේදනීය සිදුවීමෙන් පසු තම දියණිය දැඩි මානසික ආතතියකින් පසුවූ බව දැරියගේ පියා ඊයේ පොලිසියට පවසා තිබුණා.

මරදාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Latest News

More like this

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...

විධායක ජනාධිපති බලය වැඩි කරගනිමින් අනුර යන්නෙත් රනිල්ගේ අඩි පාරේ..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විධායක ජනාධිපති ධුරයෙහි බලය...

ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ බංග්ලාදේශයේ හින්දු ජාතිකයෙකු පුළුස්සා දමයි

බංග්ලාදේශයේ ඉන්දීය විරෝධී විරෝධතා මධ්‍යයේ ඉස්ලාමයට අපහාස කිරීමේ චෝදනා...