නෙළුම් කුලුණෙන් පැන්න සිසුවිය ගැන අලුත්ම කතාවක් එළියට…

නෙළුම් කුලුනෙන් පැන මියගිය පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති පොලිසිය මීට පෙර මෙවන් ආකාරයෙන්ම මහල් නිවාස සංකීර්ණයකින් පැන පාසල් සිසුන් දෙදෙනාගේ මරණවලට ඇගේ මරණයත් සම්බන්ධ බවට තහවුරු කරගෙන තිබේ. ඒ පොලිසියට ලැබී ඇති නොයෙකුත් සාක්ෂි මතය. ඉකුත් ජූලි මස කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් සුපිරි නිවාස සංකීර්ණයක මහලෙන් පැන සියදිවි හානි කරගත් පාසල්

සිසුන් දෙදෙනා නෙළුම් කුලුනෙන් පැන මියගිය සිසුවියගේ සමීප මිතුරන් බව මෙම විමර්ශනයේදී අනාවරණය වී තිබේ. එම සිසුවා සහ සිසුවියන් මහල් නිවාස සංකීර්ණයෙන් පැන මියයෑමෙන් පසු මෙම පාසල් සිසුවියද මානසිකව දැඩි ලෙස පීඩාවට පත්ව සිටි බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.

මෙහි සත්‍ය අසත්‍යතාව තහවුරු කර ගැනීම සඳහා දැරියන්ගේ මවුපියන්ගෙන්ද පොලිසිය ප්‍රශ්න කර ඇත. මියගිය සිසුවියගේ පියා සිද්ධිය වූ අවස්ථාවෙන් පසු පොලිසියට ප්‍රකාශයක්ද ලබාදී තිබේ.

මියගිය පාසල් දැරිය කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි අතර ඇය 16 හැවිරිදිය. කොළඹ ප්‍රකට අන්තර්ජාතික පාසලක 11වැනි ශේ‍ර්ණියේ ඇය ඉගෙනුම ලබන්නීය. සිද්ධිය වූ දා ඇය පාසලටද ගොස් පාසල නිමවීමෙන් පසු නෙළුම් කුලුන වෙත පැමිණ තිබිණි. ඒ පාසල් නිල ඇඳුම සිය පොත් බෑගයේ දමාගෙන වෙනත් ඇඳුමකින් සැරැසීගෙනය.

ඒ බව තහවුරු වන්නේ පාසල් නිල ඇඳුම දැමූ බෑගය නෙළුම් කුලුනේ නැරැඹුම් ස්ථාන කොටසේ තිබී පොලිසියට හමුවීමත් සමඟය. ඒ අනුව පොලිසිය සැකකරන්නේ ඇය නෙළුම් කුලුනෙන් පහළට පනින්නට ඇත්තේ නැරැඹුම් මධ්‍යස්ථානයේ සිට බවය.

නැරැඹුම් මහල පිහිටියේ නෙළුම් කුලුනේ 28 වැනි මහලේය. ඇය නෙළුම් කුලුනට ඇතුළු වී ඇත්තේ තනිවමය. ඇතුළු වීම සඳහා ටිකට් පතක්ද ඇය මිලදී ගෙන තිබුණාය.

පසුව නෙළුම් කුලුන තුළට ගොස් ඇති ඇය නැරැඹුම් මහලට පැමිණ සිය සපත්තු ගලවා දමා එහි බැම්ම මතට නැඟ බිමට පැන ඇති බව පොලිසියේ සැකයයි. නිලධාරීන් ඇගේ සපත්තු ජෝඩුවද සොයාගෙන ඇත. සිද්ධිය වන මොහොතේ නැරැඹුම් මහලේ තවත් පිරිසක්ද සිටියහ. ආරක්ෂක නිලධාරීන්ද ඒ අතර ගැවසිණි. එහෙත් ඔවුන් මඟහරිමින් ගිය ඇය හුදෙකලා ස්ථානයක් තේරාගෙන ඉන් බිමට පැන ඇත.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලිසිය දැනුවත් කිරීමෙන් පසු මරදාන පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රමුඛ නිලධාරීන් නෙළුම් කුලුන පරිශ්‍රයට පැමිණ විමර්ශන ඇරැඹූහ. ඒ වන විට ඇගේ සිරුර තිබුණේ තෙවෙැනි මහලේ කොන්ක්‍රීට් තට්ටුව මතය. ඒ අනුව පෙනී යන්නේ 28 වැනි මහලෙන් පැන ගත් ඇය 3 වැනි මහලට වැටී මරණයට පත්ව ඇති බවය.

සිද්ධිය පිළිබඳව විමර්ශන ඇරැඹූ නිලධාරීන්ට කිසියම් සැකයක්ද ඇතිව තිබිණි. ඒ ඇය පැන්නාද නැතහොත් වැටුණාද යන්නය. එහෙත් ඇය නෙළුම් කුලුනෙන් බිමට පැන ඇති බව නොයෙකුත් සාක්ෂිවලින් තහවුරු වී තිබිණි.

ඇය සපත්තු ගලවා දමා තිබීමත් පොත් බෑගය සහ ජංගම දුරකථනය මහල උඩ තබා තිබීමත් නිසා ඇය නෙළුම් කුලුනෙන් බිමට පනින්නට ඇති බව පොලිසියේ විශ්වාසය විය. එමෙන්ම ඇය බිමට පනින්නට ඇති බවට තවත් තහවුරු වනුයේ ඇය කිසියම් මානසික පීඩනයකින් සිටි බව හෙළිවීමත් නිසාය. තම පාසලේම ඉගෙනුම ලැබූ මිතුරු සිසුවා සහ සිසුවිය කොම්පඤ්ඤවීදිය අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයෙන් බිමට පැන සිය දිවි හානි කරගත් දිනයේ සිටම ඇය සිට ඇත්තේ එවන් පීඩනයකින් බව කියැවේ.

එමෙන්ම ඔවුන්ගේ මරණත් ඇගේ මරණයත් බොහෝ දුරට සිදුව ඇත්තේ එක සමාන බවට පොලිසියට නිරීක්ෂණය වී ඇත.

සිය මිතුරාත් මිතුරියත් සියදිවි හානි කරගෙන මාස තුනකට පසු ඇය මෙසේ සිය දිවිහානි කර ගැනීමට තීරණය කර ඇති ආකාරයද බෙහෙවින් සමාන බව පොලිසිය කියන්නේ ඒ නිසා වන්නට ඇත. කොළඹ අල්ටෙයාර් මහල් නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් පහළට පැන්න සිසුවියත් සිසුවාත් එම සංකීර්ණයට පැමිණ ඇත්තේ පාසල් නිල ඇඳුමෙන්ය. පසුව ඔවුන් එම නිල ඇඳුම් ගලවා මාරු කරගෙන ඉහළ මාලයට ගොස් සියදිවි හානිකරගෙන තිබිණි.

ඔවුන් දෙදෙනා එම නිවාස සංකීර්ණයට ඇතුළුවන ආකාරයත් ඉහළ මාලයට යන ආකාරයත් සී.සී.ටී.වී. කැමරාවල සටහන්ව තිබූ අතර මෙම පාසල් සිසුවියද නෙළුම් කුලුනට පැමිණ ඉහළ මාලය වෙත ගමන් කරන අයුරු මෙන්ම ඇය නැරැඹුම් මහලේ ඔබමොබ යන අයුරුත් සී.සී.ටී.වී. කැමරාවල සටහන් වී ඇති බව වාර්තා වී ඇත.

විමර්ශන පවත්වන පොලිසිය සී.සී.ටී.වී. කැමරාද නිරීක්ෂණය කර තිබිණි.

මේ අතර ඇගේ බෑගයේ තිබූ ජංගම දුරකථනය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ. සිද්ධිය වන අවස්ථාවේ එම දුරකථනය තිබී ඇත්තේ අක්‍රිය තත්ත්වයෙනි. එම දුරකථනයට අදාළ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට පොලිසිය කටයුතු කරන බව පැවසෙන අතර ඒ අනුව ඇය මියයන්නට කලියෙන් ගත් ඇමැතුම්, ඇගේ දුරකථනයට ලැබුණු ඇමැතුම් සම්බන්ධයෙන්ද නිරීක්ෂණයක් සිදුකෙරේ. එමෙන්ම ඇය විසින් කිසිවකුට යවා ඇති එස්.එම්.එස්. පණිවුඩ ඇත්ද යන්නද සොයා බැලෙනු ඇතැයි කියති.

රද්‍යා ගුණසේකර නමැති මෙම පාසල් සිසුවිය සහ මීට මාස 3කට පෙර සියදිවි නසාගත් පාසල් සිසුවා සහ සිසුවිය ජාත්‍යන්තර පාසලේ එක පන්තියේ සමීපතම මිතුරන් බවද වාර්තා වේ.

කෙසේ වෙතත් ඇගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර ඇය සියදිවි හානිකර ගැනීමට තරම් හේතු වූ කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ ඇගේ පාසල් ගුරුවරියන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට පොලිසිය පියවර ගෙන තිබේ.

කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ලලිත් ලීලාරත්න, සහකාර පොලිස් අධිකාරි ජගත් අබේසිරි ගුණවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත මරදාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇලකොටුවගේ මෙහෙයවීම මත අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.

කීර්ති මෙන්ඩිස්

Latest News

More like this

නෙළුම් කුළුණෙන් පැන්න සිසුවිය සහ ඇල්ටෙයාර්වලින් පැන්න සිසුන් දෙදෙනා අතර පුදුමාකාර සම්බන්ධයක්…

කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) සිසුවියකගේ මරණය සම්බන්ධයෙන් සිදු කළ...

ගිය ආන්ඩුවේ විද්‍යුත් විදෙස් ගමන් බලපත්‍ර ඇණවුම අවලංගු කරන්නේ නැහැ.. අමාත්‍ය විජිත හේරත්

විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර ටෙන්ඩරය නිසි පරිදි කළමනාකරණය නොකිරීම...

ටෙලි නාට්‍ය නළුවා අයිස් සමඟ මාට්ටු

ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම්...

ඊශ්‍රායලයේ බස් නැවතුම් පොළකට ත්‍රස්ත ප්‍රහාරයක්..25 හැවිරිදි පොලිස් නිලධාරිනියක් ජීවිතක්ෂයට

දකුණු ඊශ්‍රායලයේ බේෂීබා Beersheba මධ්‍යම බස් නැවතුම්පොළේ සිදු වූ වෙඩි...
error: Content is protected !!