කමල් හසාන්ගේ සහ සාරිකාගේ විවාහය දෙදරා යාම නිසා ජීවිත කාලයම තනි කඩව ඉන්න තීරණය කළ ශ්‍රැති හසාන්

මේ වන විට වසර 38ක් වුණු ශ්‍රැති හසාන්ගෙන් මාධ්‍ය අහන අනිවාර්ය ප්‍රශ්ණයක් තියෙනවා.

ඒ විවාහ නොවීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නැද්ද කියාය.

මුළු ජීවිතකාලෙම තනිකඩව ජීවත් වෙන්න තීරණය කරපු මනුස්සයෙක්ගෙන් ඊට වඩා අහන්න නරක තවත් ප්‍රශ්ණයක් නෑ තමයි. ඒත් ශ්‍රැතිට කොච්චර නරක වුණත් ඒ ප්‍රශ්ණයෙන් ගැලවීමක් නම් නැහැ.

ඉන්දියානු සිනමාවේ සුපිරි වීරයකු වන කමල් හසාන් සහ සාරිකාගේ සුන්දර දියණිය වන ශ්‍රැතිට විවාහ නොවෙන්න හේතුවක් නැතුව ඇති කියලයි මිනිස්සු හිතන්නෙ.

අම්මා තාත්තා නිසා ඇය උපතින්ම තරුවක්. දුටුවන් වසඟ වෙන රූපයක්. උරුමයෙන් ලැබුනු ධනය, දේපළ වත්කම් සියලු දේවලින් පරිපූර්ණ නිසාම අඩුපාඩුවකට තියෙන්නෙ විවාහය විතරයි කියල මිනිස්සු හිතනවා.

ඒත් අපි නොහිතන තව කොයි තරම් දේවල් තියෙන්න පුළුවන් ද ජීවිතේ. ශ්‍රැතිගෙ අම්මයි තාත්තයි ඇයට තේරෙන වයසෙ දි වෙන් වෙනවා. ඒ වේදනාකාරී දික්කසාදයෙන් පසු ජීවිතය වෙනස් වූ ආකාරය ඇය මෑතකදි අනාවරණය කළා.

“බලන්න, මම ඉපදුණේ ඉතා ලස්සන පවුලක. කලාත්මක, බුද්ධිමත් දෙමාපියන්, සහ දෙවියන්ගේ කරුණාවෙන්, බොහෝ සැනසිලි එක්ක. හැබැයි මම ඒකෙ අනිත් පැත්තත් දැක්කා. මගේ දෙමාපියන් වෙන් වූ විට සියල්ල වෙනස් වුණා. මූල්‍ය ස්වාධීනත්වයේ සහ පෞරුෂයේ වටිනාකම මට වැටහුණේ එවිටයි. විශේෂයෙන්ම දියණියක් ලෙස විවාහයෙන් ඉවත් වූ අම්මා දිහා බලද්දි, කාන්තාවක් ස්වාධීනව සිටීම වැදගත් වන්නේ ඇයිද යන්න පිළිබඳ වැදගත් පාඩමක් මට කියා දුන්නා”

ඒ වගේම විවාහයට කොයි තරම් අකමැති වුණත් ආදරය කරන්නත් ප්‍රේම සම්බන්ධතාවක් ඇති කරගන්නත් ඇය කැමති බවයි ඇය පැවසුවේ.

“ඔව්, මම සබඳතාවලට කැමතියි, මම ආදරයට කැමතියි, නමුත් මම යමෙකු සමඟ විවාහය වැනි ගැඹුරු සබඳතාවට මං බයයි. ඒත් මම දන්නෙ නෑ විශේෂ කෙනෙක් එයි ද කියලා. ඒත් මට පේන්නෙ නැහැ.”

එය ඇගේ අතීත අත්දැකීම් නිසා ගනු ලැබූ තීරණයක් ද? යන ප්‍රශ්ණයට ඇය පිළිතුරු දුන්නේ එය මගේම හේතුවක් පමණයි කියාය. මගේ මිතුරන්ගේ සුන්දර සාර්ථක අපූරු විවාහයන් මම දැකල තියෙනවා. ඉතින් මේක මගේම ගැටලුවක් පමණයි කියා ඇය පිළිතුරු දී තිබුණා.

ඇයට ප්‍රසිද්ධ ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම තිබුණා. ඒ අතර 2020 අවුරුද්දේ විෂුවල් නිර්මාණකරුවෙක් වූ සන්තානු හසරිකා (Santanu Hazarika) සමඟ පැවති සබඳතාවට ඇය මෑතකදි තිත තැබුවා.

ශ්‍රැති මීට පෙර ඉතාලි සම්භවයක් ඇති ලන්ඩනයේ වෙසෙන නළු මයිකල් කෝර්සාලේ (Michael Corsale) සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ අතර 2019 දී ඔහුගෙන් ද වෙන් වුණා.

එමෙන්ම නළු ධනුෂ් සමඟ ඇයට ඇති සම්බන්ධයක් ගැනත් විටින් විට කතා පැතිරුණු නමුත් එම කතා ප්‍රතික්ෂේප කළ ශ්‍රැති ධනුෂ් ඇගේ වැදගත් මිතුරු කවයේ සාමාජිකයෙක් පමණක්ම බව පැවසුවා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!