කොවිඩ්-19 වෛරසය, චීනයෙන් මතුවී වසර පහකට පසු තවත් අද්භූත වෛරසයක් චීනය තුළ පැතිරෙමින් පවතින බව එරට සමාජ මාධ්‍ය ඔස්සේ අනාවරණය වෙමින් පවතී.
රටේ ප්‍රදේශ කිහිපයක Human metapneumovirus (HMPV) නම් වෛරසය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.
එරට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝපටවල රෝහල් බියජනක ලෙස රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති ආකාරය දැක ගත හැකියි.
එම දර්ශන බෙහෙවින්ම සමාන වන්නේ කොවිඩ්-19 වෛරසය ආරම්භ වු මුල්වකවානුවටය.
ඒ අනුව ආදාහනාගාර යළි සක්‍රීය කිරීමට සිදුව ඇති බවද සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වෙනවා. මෙය තහවුරු කර නොමැති නමුත් චීනය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවට ප්‍රකාශ පවා තිබේනවා
චීන සමාජ මාධ්‍ය පරිශීලකයන් වාර්තා කරන ආකාරයට මෙම තත්ත්වය ආරම්භ වී ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ කොවිඩ්-19 යන බහුවිධ වෛරස ගණනාවක් එකවර සංසරණය වීමෙනි.
HMPV හි ඉහළ යාම, විශේෂයෙන්ම වයස අවුරුදු 40 සිට 80 දක්වා පුද්ගලයින් අතර මරණ වැඩිවීමට හේතු වී තිබෙනවා.
විශේෂයෙන් ළමා රෝහල්වල නියුමෝනියාව සහ ‘සුදු පෙනහළු’ රෝගයෙන් පීඩාවට පත් වී ඇති බව සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.
වයස අවුරුදු 14 සහ ඊට අඩු අය අතර HMPV ධනාත්මක රෝගීන්ගේ වැඩිවීමක් පවතින බව චීනයේ රෝග පාලනය සහ වැළැක්වීම සඳහා වන මධ්‍යස්ථානය Chinese Center for Disease Control and Prevention (CDC) තහවුරු කර තිබෙනවා
කෙසේ වෙතත් චීන බලධාරීන් හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වසංගතයක් හෝ හදිසි තත්වයක් මෙතෙක් තහවුරු කර නැහැ.
එහෙත්, දෙසැම්බර් 16 සිට 22 දක්වා කාලය තුළ ශ්වසන ආසාදනවල කැපී පෙනෙන වැඩිවීමක් එරට ජාතික රෝග පාලනය හා වැළැක්වීමේ පරිපාලනය National Disease Control and Prevention Administration -NCDPA විසින් පිළිගනු ලැබුවා
HMPV වෛරසය යනු කුමක්ද?
2001 දී සොයා ගන්නා ලද, HMPV, Pneumoviridae පවුලේ කොටසකි, එයට RSV ද ඇතුළත් වෙනවා. අධ්‍යයනවලින් පෙනී යන්නේ එය ලොව පුරා වසර 60 කට වැඩි කාලයක් තිස්සේ මිනිසුන් තුළ පවතින බවයි.
වෛරසය සෑම වයස් කාණ්ඩයකම පුද්ගලයින් තුළ ශ්වසන රෝග ඇති කරනු ලබනවා. විශේෂයෙන් කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට සහ දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති අයට මෙමඟින් දැඩි බලපෑමක් ඇති විය හැකියි.
කැස්ස, උණ, නාසය හිරවීම හා හුස්ම ගැනීමේ අපහසුතා මෙම රෝගයේ ලක්ෂණ ලෙස හැඳින්වෙනවා.
සම්ප්‍රේෂණය සිදුවන්නේ ශ්වසන ජල බිඳිති සහ රෝගකාරක පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙනි.
රෝගයෙන් වැළැක්වීම සඳහා මුහුණු ආවරණ පැළඳීම, නිතර අත් සේදීම සහ ප්‍රතිශක්තිය වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුය.