බහුබාලි (Baahubali) හි අවන්තිකා ලෙස කැපී පෙනෙන භූමිකාවක් කළ තමන්නා භාතියා (Tamannaah Bhatia) ඉන්දීය වාණිජ සිනමාවේ අති සාර්ථක දමිළ හා තෙළිඟු සිනමාවේ අති දක්ෂ නිරූපනයන් කළ සුරූපිනියකි.
තිරයේ අනේක වාරයක් පෙම්වතිය වී ඇති ඒ තමන්නාගේ සැබෑ ප්‍රේමය මේවන විට දිනාගෙන සිටින්නේ ඉන්දීය සිනමාවේ දක්ෂයන් අතර අති දක්ෂයෙක් වූ විජේ වර්මාය.
විජේ සහ තමන්නා අතර ප්‍රේමය මේවන විට වසරක් පමණ පැරණි එකකි. ඔහු වසරකට පමණ ඉහතදී තමන්නා සහ ඔහු අතර ප්‍රේමය එළිදරව් කරමින් ප්‍රේමය සැඟවීමට සීමා අවශ්‍ය බවත් තමා එවැනි සීමාවලට කැමති අයෙකු නොවන බවත් කියා තිබුණා.
එමෙන්ම ඔවුන්ගේ ගැඹුරු ආදරයේ අරුත ප්‍රකාශ කරමින් තමා සහ තමන්නාගේ ඡායාරූප 5000කට අධික ප්‍රමාණයක් ඇතත් ඒවා කිසිවිට සමාජ මාධ්‍යවල බෙදා ගැනීමට අවශ්‍ය නොවූ බව සඳහන් කළා.
විජේ වර්මා බොලිවුඩ් සිනමාවේ කලකට වරක් බිහිවන ආකාරයේ දුලබ රංගන පෞරුෂයක් හිමි නළුවෙකි.
නාට්‍ය කලාකරුවෙකු ලෙස සිය රංගන දිවිය ආරම්භ කළ වර්මා, රාජ් නිදිමෝරු සහ ක්‍රිෂ්ණා ඩී.කේ විසින් අධ්‍යක්ෂණය කරන ලද Shor (2008) නම් කෙටි චිත්‍රපටයකින් ආරම්භය ගෙන පසුව මනෝජ් බජ්පායි සමඟ Chittagong (2012) චිත්‍රපටයේ සහය චරිතයක් සමඟින් සිනමාවට පිවිසුණා.
එතැන් සිට, ඔහු A Suitable Boy (2020), Mirzapur (2020), Darlings (2022) සහ Dahaad (2023) වැනි චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලාවන් ඔස්සේ ප්‍රේක්ෂකයින් විනෝදාස්වාදයට පත් කළ අතරම වැඩියෙන්ම ඇත්තේ භීතියට පත් කළ අවස්ථාය.
මනෝ ව්‍යාධිකයන්, දාම ඝාතකයන්, සදාචාරාත්මක නොවන මිනිසුන් නිරූපනයට උපන්ගෙයි හැකියාවක් ඇති වර්මා, තීව්‍ර බැල්මකින් නොසන්සුන් එක් සිනහවකින් පවා ගැඹුරු ප්‍රකාශන සිදුකරන නළුවෙකි.
ඔහුගේ නවතම කතාමාලාව IC 814: The Kandahar Hijack (2024) Netflix ඔස්සේ විකාශය වූ අතර 1999 දී ඉන්දියන් එයාර්ලයින්ස් ගුවන් යානයක් පැහැර ගැනීමේ සත්‍ය කතාව පාදක කර ගෙන එය නිර්මාණය වුණා.
ඔහු අනුභාව් සිංහා (Anubhav Sinha) අධ්‍යක්ෂණය කරන ලද කතා මාලාවේ Captain Devi Sharan ලෙස ඔහුගේ බහු කාර්ය හැකියාවන් ප්‍රදර්ශනය කළා.
මාධ්‍ය වාර්තා කිහිපයකට අනුව, විජේ වර්මාගේ ශුද්ධ වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 20කි. දශකයකට වැඩි කාලයක් සිනමාවේ නියැළීමෙන් ඔහු උපයාගෙන ඇති මුදල ඇත්ත වශයෙන්ම සිත් ඇදගන්නා සුළු ය. ඔහුගේ ධනයෙන් වැඩි ප්‍රමාණයක් චිත්‍රපට සහ රූපවාහිනී කතාමාලාවල රංගනයෙන් උපයාගෙන ඇති අතර සන්නාම වෙනුවෙන් පෙනී සිටීමෙන් ඉපැයූ මුදල්ද ඊට ඇතුළත්ය.
Siasat හි වාර්තාවකට අනුව, වර්මාට චිත්‍රපටයක් හෝ රූපවාහිනී කතා මාලාවක් වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 85ක් ගෙවන අතර ඔහු වාර්ෂිකව ඉන්දීය රුපියල් කෝටි 2කට ආසන්න මුදලක් උපයනවා.
වර්මා සතුව පුළුල් ඔරලෝසු එකතුවක් ඇති අතර Rolex Oyster Perpetual සහ Rolex Cosmograph Daytona ඇතුළු සුඛෝපභෝගී ඔරලෝසු එකතුවක් ඔහු සතුය. Rolex නිල වෙබ් අඩවියට අනුව Oyster වර්ගයේ ඔරලෝසුවක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 5කට වඩා වැඩි මුදලක් වැය වන අතර, Cosmograph සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 10කට වඩා වැඩි මුදලක් ගෙවීමට සිදු වෙනවා.
ඒ වගේම වර්මා සතු සුපිරි වාහන එකතුවක් ද පවතී. 2021 දී Jeep Compass මිලදී ගත් අතර, එය ඔහු පළමුවරට රෝද හතරක් මිලදී ගත් අවස්ථාව බවයි සැලකෙන්නේ.
Jeep Compass යනු සුඛෝපභෝගී Sport Utility Vehicle (SUV) රථයකි. එපමණක් නොව මුම්බායි හි විචිත්‍රවත් අසල්වැසි ප්‍රදේශයක් වන අන්ධේරි වෙස්ට් හි මුහුදට මුහුණ ලා ඇති මහල් නිවාසයක් වර්මා සතුය. Housing.com වෙබ් අඩවියට අනුව එය මුම්බායි හි ඔහුගේ 15 වැනි නිවසයි.
තවද, ඔහුගේ අසල්වැසියන් බව කියන්නේ ලේසි පහසු අය නොවන අතර ආයුෂ්මන් කුරානා (Ayushmann Khurrana), ආදිත්‍ය රෝයි කපූර් (Aditya Roy Kapoor), අක්ෂේ කුමාර් (Akshay Kumar), අමිතාබ් බච්චන් (Amitabh Bachchan) වැනි මහා නළුවන්ය.