සබරගමුව මහ සමාන් දේවාලයේ ස්ට්‍රයික් එකක්

සබරගමුව මහා සමන් දේවාලයේ සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් වැඩබලන බස්නායක නිලමේවරයෙකු පත් කිරීමට විරෝධය පළ කරමින් සබරගමුව මහ සමන් දේවාලයේ පාලන අධිකාරිය සහ කපු මහත්වරු ඊයේ (5දා) දෛනික සේවාවන් (තේවාව) සහ අනෙකුත් රාජකාරීවලින් ඉවත් වුණා.

හිටපු බස්නායක නිලමේවරයාගේ ධූර කාලය අවසන් වීමත් සමඟ ස්ථීර බස්නායක නිලමේවරයෙකු පත් කරන තුරු සේවය කිරීම සඳහා වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස එස්.වී චන්ද්‍රසිංහ මහතා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් පත් කරනු ලැබුවේ පසුගිය සතියේදීය.

සබරගමුව මහ සමන් දේවාලයේ සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට නොගැලපෙන මෙම පත් කිරීම දේශපාලන අරමුණක් මත සිදුවූවක් බව ඊයේ දිනයේ සේවයෙන් ඉවත් වූ බව දේවාලයේ පරිපාලන ආයතනය ප්‍රකාශ කරනු ලැබුවා.

ඊයේ උදෑසන කපු මහත්වරු ඇතුළු නිලමේවරුන් සිය රාජකාරීවලින් ඉවත්ව රත්නපුර පානදුර මාර්ගයේ පිහිටා ඇති සමන් දේවාලයේ පිවිසුම අසල නිහඩ විරෝධතාවයකද නිරත වුණා.

සම්ප්‍රදායට අනුව වැඩබලන බස්නායක නිලමේවරයා ලෙස සුදුසුකම් ලත් අයෙකු පත් නොකිරීම හේතුවෙන් තම විරෝධය එල්ල වී ඇති බව දේවාලයේ නිලමේවරුන් සඳහන් කර ඇත්තේ.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...