ගල්කිස්සේ වෙඩි ප්‍රහාරයක්. එක් අයෙක් ජීවිතක්ෂයට

ගල්කිස්ස ප්‍රදේශයේ අද (ජනවාරි 07) සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.

අද උදෑසන 4.45 ට පමණ ගල්කිස්ස, වටරප්පල පාර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණ ඇති නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර තවත් අයෙකු කලුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් මිය ගොස් ඇත්තේ 36 හැවිරිදි සුදත් ගෝමස් (36) නැමති තැනැත්තෙකි.

9mm වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර මිය ගිය සහ තුවාල ලැබූ තැනැත්තන් දෙදෙනාගේම හිසට වෙඩි ප්‍රහාරය ඉලක්ක කර ඇති බව වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!