චීන වෛරසය ගැන අනියත බියක් ඇති කර ගන්න එපා..

චීනයේ මේ දිනවල ව්‍යාප්ත වෙමින් පවතින එච්.එම්.පී.වී (HMPV) වෛරසය මෙරට තුළ ද ඇතැම් අවස්ථාවල හදුනාගත් වෛරස් රෝගී තත්ත්වයක් බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසනවා.

එම වෛරසය සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පෙන්වා දී තියෙනවා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛරස් රෝග විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා මේ බව සදහන් කළා.

අදාළ වෛරසයේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සිදු කළ පැහැදිලි කිරීම මෙසේය.

“සාමාන්‍යයෙන් කැස්ස, හෙම්බිරිස්සාව, මද උණ ගතියක් තමයි මේකේ රෝග ලක්ෂණ ඊට අමතරව නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ගේ හුස්ම ගැනීමේ අපසුතාවයකට පත්වෙලා නියුමෝනියාව තත්ත්වයට පත්වෙන්න පුළුවන්.

නමුත් ඒක කලාතුරකින් තමයි සිද්ධ වෙන්නේ ඒක හැමෝටම සිද්ධ වෙන්නේ නෑ. මෙය මාරාන්තික වීමේ සම්භාවිතාව ඉතාමත් අඩුයි. දවස් කිහිපයක උණ, කැස්ස හෙම්බිරිස්සාවෙන් පස්සේ බොහෝ දෙනාට මේක හොඳ වෙනවා. මේ හැදුනා කියලා ටෙස්ට් කිරීමේ අවශ්‍යතාවයක් නෑ.”

Latest News

More like this

දහස් ගණනකගේ කුසගිනි නිවූ විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය..

විජේරාමේ ප‍්‍රජා මුළුතැන්ගෙය කියන්නේ රටම ආපදාවට පත් වුණාට පස්සේ...

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...