රවීනාගේ දියණිය සහ අජේ දෙව්ගන්ගේ පුත්‍රයා බොලිවුඩ් ආක්‍රමණයකට සූදානම්..

තරු දරුවන් දෙදෙනෙකුගේ බොලිවුඩ් ආගමනය සනිටුහන් කරමින් ජනවාරි 17වැනිදා සිට “Azaad” තිරගත වීමට නියමිතය.

චිත්‍රපටයෙන් උතුරු ඉන්දියානු සිනමාව ආක්‍රමණය කිරීමට සූදානම් වන අලුත්ම තරු දරුවන් යුගලය වන්නේ රාෂා තඩානි (Rasha Thadani) සහ ආමන් දෙව්ගන් (Aaman Devgn)වේ.

රාෂා තඩානි, චිත්‍රපට බෙදාහරින්නෙකු වන අනිල් තඩානි සහ රවීනා තන්ඩන්ගේ දියණියයි. ආමන් දෙව්ගන් යනු අජේ දෙව්ගන්ගේ ඥාති පුත්‍රයාය.

බොලිවුඩ් සිනමාවේ ප්‍රබල තරු දෙකක් වූ රවීනා තන්ඩන් සහ අජේ දෙව්ගන් ගේ දරුවන් නිසාම “Azaad” මේ වන විට සියලු දෙනා බලාපොරොත්තු දල්වාගෙන සිටින නිර්මාණයක් බවට පත් වී තිබේ.

අනෙක් අතට අජේ සහ ඔහුගේ ඥාති පුත්‍රයාගේ තිරයේ සුසංයෝගය එකට දැකීමට ලැබීම වෙනස්ම අත්දැකීමක් බවට පත් වෙනු නිසැකය.

ආදරය සහ ක්‍රියාදාමයන් පුරවන කතාන්දරයක් සමඟින් නිදහසට පෙර ඉන්දියාවේ පසුබිම් කරගත් චිත්‍රපටයක් වන “Azaad” හි අජේ දේව්ගන් කුරිරු ඉංග්‍රීසි හමුදාවේ ග්‍රහණයෙන් මිදෙන කැරලිකරුවෙකු ගේ භූමිකාවකට පණ පොවයි.

අජේ දේව්ගන් මෙහි දක්ෂ අශ්වාරෝහකයකු නිරූපනය කරන ආකරය මේ වන විට නිකුත් කර ඇති ට්‍රේරලය ඔස්සේ දැකගත හැකිය. අශ්වයා අහිමි වූ අශ්වාරෝහකයකු ලෙස නිර්භීත කුඩා කොලු ගැටවකු වන ආමන් සමඟ අශ්වයා සොයා සිදු කරනු ලබන මෙහෙයුමක් කතාවට පදනම් වී තිබේ. රාෂා රාජකීය පවුලේ සාමාජිකයෙකු ලෙස රඟපාන අතර ඩයනා පෙන්ටි අජේගේ පෙම්වතිය ලෙස රංගනයෙන් දායක වෙයි.

අභිෂේක් කපූර් (Abhishek Kapoor) විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙම චිත්‍රපටය නිෂ්පාදනය කර ඇත්තේ රූනි ස්ක්‍රීව්වාලා( Ronnie Screwvala) සහ ප්‍රග්‍යා කපූර් (Pragya Kapoor) විසිනි.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...