කොලිවුඩ් තිරයේ ජවසම්පන්න වීරයා “විශාල් ක්‍රිෂ්ණා” දරුණු රෝගයකට ගොදුරු වෙයි.. රසිකයින් හඬා වැටේ..

Madha Gaja Raja 2012 දී රූගත කිරීම් නිමා කළ නමුත් දිගුකලක් තිරගත නොවූ විශාල් ක්‍රිෂ්ණා (Vishal Krishna)ගේ චිත්‍රපටයකි.

මේ වන විට එය පොංගල් උත්සවයට සමගාමීව තිරගත කිරීමට සැලසුම් කර ඇති අතර එහි පූර්ව ප්‍රචාරක උත්සවය දමිළ ප්‍රේක්ෂකයින් සතුටට හේතු වීමට නියමිතව තිබුණත් එය අවසන් වුණේ සියලු දෙනාගේ හිත්වල කම්පනයක් ඉතිරි කරමිනි.

එම කම්පනයට හේතු වුණේ විශාල් ක්‍රිෂ්ණාය.

දකුණු ඉන්දියානු චිත්‍රපටවල හැඩි දැඩි පෞරුෂයකින් හෙබි ජවසම්පන්න වීරයාගේ චරිත නිරූපනය කළ විශාල් මෙම උත්සවය අතරතුර දක්නට ලැබුණේ ඔහුගේ පෙනුම හාත්පසින්ම වෙනස් ස්වරූපයකිනි.

ඔහු එම මොහොතේ දැඩිලෙස දුර්වලව සිටිය ආකාරය සියලු හදවත් සසල කළා කිව්වොත් වැරදි නැහැ.

ඇවිදීම පවා අපහසු වූ ඔහු ප්‍රේක්ෂකයින් අමතන විට මයික්‍රපෝනය අල්ලාගෙන සිටීමට පවා අසීරු බවක් පෙන්නුම් කළ අතර ඔහුගේ දෑත් වෙව්ලන බව පැහැදිලිව පෙනෙන්නට තිබුණා.

දිගු කලක් තිස්සේ ප්‍රේක්ෂකයින් බලා සිටි Madha Gaja Raja තිරගත වීමේ සතුට මේ නිසාම යටපත් වී ගියා.

Gemini Film Circuit හි නිෂ්පාදනය යටතේ 2012 දී රූගත කර නිම කරන ලද Madha Gaja Raja මූල්‍ය හා සැපයුම් අභියෝග හේතුවෙන් ප්‍රමාදයන් රාශියකට මුහුණ දුන් චිත්‍රපටයකි.

සුන්දර් සී (Sundar C.) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයේ, අන්ජලී (Anjali), වරලක්ෂ්මි සරත්කුමාර් (Varalaxmi Sarathkumar), සතීෂ් (Sathish), සෝනු සූඩ් (Sonu Sood), සහ දිවංගත මනෝබාලා (Manobala) ඇතුළු තරු රැසක් රංගනයෙන් දායක වෙනවා. දශකයකට පමණ පෙර පොංගල් නිකුතුවක් සඳහා සැලසුම් කර තිබුණත් එය අවසානයේ සැලසුම් කළ ලෙස ආරම්භ කිරීමට හැකි වුණේ නැහැ. එළඹෙන පොංගල් (2025) උත්සවයේදී නිකුත් කිරීමට ඔවුන් සූදානම් වූයේ අනතුරුවයි.

චෙන්නායි රෝහල කටකතා නිවා දමයි

මේ සමඟ විවිධ කටකතා පැතිරෙන්නට පටන් ගත් අතර චෙන්නායි හි ඇපලෝ රෝහල වහාම ප්‍රකාශයක් නිකුත් කර එය නිවා දැමීමට කටයුතු කර ඇත්‍තේ මේ අතරය. රෝහලේ පැහැදිලි කිරීමකට අනුව විශාල් වෛරස් උණ රෝගයකට ගොදුරු වී සිටින බවයි පැවසුණේ.

ඔහුට සම්පූර්ණ විවේක ගැනීමට නිර්දේශ කර ඇති බව රෝහල සඳහන් කළා. එම නිල ප්‍රකාශය විවේක්ගේ රසිකයන්ට විශාල සැනසිල්ලක් වුණා. විශාල්ගේ හදිසි වෙනස්වීම හමුවේ ඔහු දුර්ලභ ස්නායු රෝගයකට ගොදුරු වී සිටින බවට පැතිර ගියා කටකතා ද මේ වන විට නිහඬ වී තිබීම විශාල්ගේ ඩයි හාඩ් පෑන්ස්ලා වන අපට ද ලොකුම සැනසිල්ලක් බව සඳහන් කළ යුතුමය.

Latest News

More like this

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...
error: Content is protected !!