මාටින් ගප්ටිල් ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

නවසීලන්තයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව නිල වශයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

මේ වන විට 38 වැනි වියේ පසුවන ගප්ටිල් ඔහුගේ කීර්තිමත් වසර 14ක වෘත්තීය ජීවිතය (2009-2022) පුරා නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සියලු ආකාරයේ ක්‍රීඩා තරග 367 ක් ක්‍රීඩා කර ඇති අතර බහුවිධ වාර්තා පිහිටුවමින් ජාත්‍යන්තර ශතක 23 ක් රැස් කරනු ලැබු ක්‍රීඩකයෙකි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සිය විශ්‍රාම ගැනීමේ නිවේදනය දැනුම් දි ඇති බවයි වාර්තා වන්නේ.

මාටින් ගප්ටිල් නවසීලන්තය නියෝජනය කරමින් අවසන් වරට ක්‍රිකට් තරගාවලියකට එක් තරගාවලියට එක් වූයේ 2022 වර්ෂයේ දීය.

ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගත්ත ද ගප්ටිල් 20/20 ලීග් ක්‍රිකට් තරග සඳහා තවදුරටත් සහභාගී වීමට නියමිතය.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...