ලොස් ඇන්ජලීස් ලැව් ගින්නට මැදිවූ හොලිවුඩ් තරු

ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි තදාසන්න ප්‍රදේශ අඟහරුවාදා (07) ලැව්ගිනිවලින් වැසී යාමෙන් පසු හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. අධික සුළං සහ වියළි කාලගුණය හේතුවෙන් පැය කිහිපයක් පුරා ගින්න අක්කර 10 ක ප්‍රදේශයක සිට අක්කර 2900 ක පරාසයක් දක්වා ව්‍යාප්ත වී ගියේ විනාශකාරී අයුරින්ය.

ලොස් ඇන්ජලීස් ගිනි නිවීමේ දෙපාර්තමේන්තු ප්‍රධානී ක්‍රිස්ටින් ක්‍රෝලි පවසන පරිදි, 30,000 කට වැඩි පිරිසක් ඔවුන්ගේ නිවාසවලින් ඉවත් කරනු ලැබුවා.

වාර්තා සඳහන් කරන්නේ දරුණුතම බලපෑමට ලක් වූ ප්‍රදේශ වන්නේ ඇල්ටඩීනා සහ සිල්මාර් අසල්වැසි ප්‍රදේශ සහ සුවිශේෂී පැසිෆික් පලිසේඩ්ස් වැනි ප්‍රදේශයන් බවයි. A-ශ්‍රේණියේ හොලිවුඩ් තරු කිහිපයක් මෙම ප්‍රදේශවල වාසය කරන අතර ගින්නෙන් ඔවුන්ගේ සුඛෝපභෝගී විලා සහ නිවාස අනතුරට පත් ව තිබුණා.

බිලී ක්‍රිස්ටල් (Billy Crystal), මැන්ඩි මෝර් (Mandy Moore), මාර්ක් හැමිල් (Mark Hamil), පැරිස් හිල්ටන් (Paris Hilton), ඇඩම් බ්‍රෝඩි (Adam Brody), ලිට්න් මීස්ටර් (Leighton meester), බෙන් ඇෆ්ලෙක් (Ben affleck) වැනි හොලිවුඩ් තරු රැසක් ගින්නෙන් පීඩාවට පත්ව ඇති අතර සමාජ මාධ්‍ය ඔස්සේ සියලු දෙනා වෙනුවෙන් යාඥා කරන ලෙස ඔවුන් ඉල්ලා තියෙනවා.

ඔවුන් සිය නිවාස ගින්නෙන් විනාශ වී ඇති බව සමාජ මාධ්‍යවල සටහන් කර ඇති අතර නිවාස සහ ඔවුන්ගේ වත්කම් ගිනිබත් වන ආකාරය සහ ඔවුන් දරුවන් සුරතල් සතුන් සමඟ නිවාස හැර යන ආකරයේ ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍යවලට මුදා හැර ඇති ආකරය දැකගත හැකියි.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!