ඇමරිකාවේ ගිනි නිවන අංශ හාන්සි කළ ලොස් ඇන්ජලීස් ලැව් ගින්න..

ඇමරිකාවේ දෙවන විශාලතම නගරය වන ලොස් ඇන්ජලීස් අඟහරුවාදා (07) ඇති වූ ලැව් ගිනි හේතුවෙන් විශාල විනාශයකට මුහුණ දුන්නා.

ගොඩනැගිලි 1,000කට අධික ප්‍රමාණයක් ගිනිබත් වූ අතර ගින්නේ වේගය සහ රුදුරු බව හමුවේ එරට ගිනි නිවන අංශ යටපත් වූ බවයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

බදාදා (ජනවාරි 08) එරට බලධාරීන් තහවුරු කරනු ලැබුවේ එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නගරයේ පැතිර යන විනාශකාරී ලැව්ගිනිවලින් මියගිය සංඛ්‍යාව පහ දක්වා ඉහළ ගොස් ඇති බවයි. එය තවදුරටත් ඉහළ යා හැකි බවට ද ඔවුන් අනතුරු අඟවනු ලැබුවා.

විද්‍යාඥයින්ට අනුව, ආපදාවට වගකිව යුතු කාලගුණික රටා වෙනස් වීම පිටුපස ඇත්තේ මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාසයන්ය.

කාලගුණ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ මෑත මාසවල කාලගුණයේ පෙර නොවූ විරූ වියළි බව සහ අධික සුළං ලැව්ගිනි ඇතිවීමට ප්‍රධානම හේතුව බවයි.

ගින්නෙන් වැඩිම හානි සිදු වූ බවට වාර්තා වන්නේ ඇල්ටඩීනා සහ සිල්මාර් අසල්වැසි ප්‍රදේශ සහ සුවිශේෂී පැසිෆික් පලිසේඩ්ස් වැනි ප්‍රදේශයන් වන අතර හොලිවුඩ් A ශ්‍රේණියේ තරු රැසක් ජීවත් වන එම ප්‍රදේශවල ඔවුන්ගේ සුඛෝපභෝගී නිවාස ඇතුලු දේපළවලට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!