ලකයි සිකයි පිටරට සිට ප‍්‍රකාශයක් කරයි.. හිනා උනේ මොකකටද කියලා දන්නේ නෑ.. කියයි

මෙරට ජනප්‍රිය යූ ටියුබ් නාලිකාවක් වන ‘ලකයි සිකයි’ හි නිර්මාණ ශිල්පීන්ට සමාජ ජාල ඔස්සේ මරණීය තර්ජන එල්ල වන බව ඔවුන් කියා සිටිති.

ඒ සම්බන්ධයෙන් ලක්මාල් වීරසූරිය හා සහන් අරෝෂ ඕස්ට්‍රේලියාවේ සිට අන්තර්ජාලය ඔස්සේ අදහස් පළ කර මේ බව කියා සිටියහ.

ලක්මාල් විරසූරයිගේ බිරිඳ මේ සම්බන්ධයෙන් පොලිස් අපරාධ පරීක්ෂණ කොට්ඨාසයටද පැමිණිලි කර තිබේ.

නතාෂා එදිරිසූරිය විසින් පවත්වන ලද ප්‍රසංගය නැරඹීමට යාම සම්බන්ධයෙන් ඇතැම් පිරිසක් සංවිධානාත්මකව තමන්ට එරෙහිව මෙම කටයුත්තේ නියැළී සිටින බවද ඔවුන් කියා සිටිති.

Latest News

error: Content is protected !!