ළඟදීම වයසට යාම වළක්වන එන්නතක් එන ලකුණු

වයසට යාම මොන ජගතෙකුටවත් වෙනස් කරන්න බැරි දෙයක් විදියට තමයි සැලකෙන්නේ.

නමුත් මහපොළව මත තමන්ගේ ජීවිත කාලය වැඩි කර ගැනීමට ඕනෑම මනුස්සයෙක් කැමතියි.

මේ නිසාම මිනිස් ශරීරය වයසට යාම වළක්වන ඖෂධයක් සෙවීමට මේ මොහොතේත් ලෝකයේ විවිධ අත් හදාබැලීම් සිදු වෙමින් පවතී.

අපේ ශරීර ඔරලෝසුව ආපස්සට කැරකිය හැකි බෙහෙතක් මෙතෙක් සොයා ගෙන නොමැති වුවද ඊශ්‍රායලයේ Weizmann ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් ඒ සඳහා එන්නතක් නිපදවීම පිළිබඳ ශුබවාදීව සිටින බව වාර්තා වෙනවා.

මෙම එන්න්ත නිර්මාණය වන්නේ මොළයේ ක්‍රියාකාරීත්වය ඉලක්ක කරගෙනයි.

මොළයේ ක්‍රියාකාරිත්වයට සහය වන නිශ්චිත ප්‍රතිශක්තිකරණ සෛල වැඩි දියුණු කරන පර්යේෂණයක් වෛද්‍යවරුන් විසින් සිදු කෙරෙමින් පවතින බව Weizmann අනාවරණය කර තියෙනවා.

අපේ ජීවිත කාලය තුළ මේ එන්නත නිර්මාණය වුණොත් වයස අවුරුදු පනහක් හැටක් වුණත් විස්සක තිහක පෙනුමකින් ඉන්න පුළුවන් වෙයි දෙයියනේ කියලා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...