අසල්වැසියාට පහරදුන් උදයංග වීරතුංග රිමාන්ඩ්

අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජනවාරි 17 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු මිරිහාන පොලිසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබුණා.

උදයංග වීරතුංග ඔහුගේ නිවසේ මායිම් බිත්තිය වෙනස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ඇති වු ආරවුලක් හමුවේ ප්‍රචණඩකාරී ලෙස හැසිරෙන ආකාරයත් පහර දෙන ආකාරයත් අදාළ අසල්වැසි නිවැසියන් විසින් වීඩියෝගත කර තිබූ අතර මාධ්‍ය ඔස්සේ ද ප්‍රචාරය වුණා.

Latest News

error: Content is protected !!