පීරියඩ් කාලෙට Menstrual කප් එක ඇත්තටම වැඩ කරනවද?

Menstrual Cup ගැන මුලින්ම දැනගත්තම ඇත්තටම ඒක මේ තරම් විශිෂ්ට ලෙස වැඩ කරාවි කියලා විශ්වාස කරන්නත් බැරිවුණා.

මුලින්ම මෙයට යොමු වුණේ Menstrual Cup එකට ඒ වෙද්දිත් අබ්බැහි වෙලා හිටිය මගේ සහෝදරියගේ ඉල්ලීමක් නිසා.

කප් එකක් වගේ දෙයක් ඇඳගෙන ඉන්න එකත් ඇඳගෙන වැඩ කරන එකත් පිස්සුවක් කියලයි මුලින් හිතුණේ. මගේ සහෝදරිය කප් එකත් එක්ක ළමයින්ගෙ රාජකාරියි, ගෙදර දහසකුත් එකක් වැඩයි කරන අතරම ඩ්‍රයිව් කරනව කියන එකත් දන්න හින්දම මේක ඇඳගෙන වැඩ කරන්න බැහැ කියන මිත්‍යාව ඔළුවෙන් අයින් කරගන්න පහසුවක් වුණා.

එහෙම කල්පනා කරල එක පාරක් පාවිච්චි කරාට පස්සෙ තමයි අවුරුදු ගාණක් පෑඩ් එක්ක විඳපු කරදර ගැන පුදුම තරම් දුක හිතුණේ.

අපේ රටෙත් මේ වෙනකොට Menstrual Cup පාවිච්චි කළත් ගොඩක් අය මේ ගැන විවෘතව කතා කරන්නෙ නැහැ. ඒකෙ තියෙන පහසුව තවත් කෙනෙක්ට කියල දෙන්නෙ නැති නිසාම මේ ගැන නොදන්න තවත් අය ඉන්නව කියන එක ෂුවර්. ඒ එක්කෙනෙකුට හරි Menstrual Cup ගැන දැනගන්න මේ සටහන වැදගත් වේවි.

ඇත්තටම ඔසප් වුණා කියන දේ දැනෙන්නෙවත් නැති මේ Menstrual Cup කියන්නෙ මොනවද?

Menstrual Cup යනු නැවත භාවිතා කළ හැකි පීරියඩ්ස් නැත්නම් ඔසප් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ නිෂ්පාදන වර්ගයක්. මේවා සාමාන්‍යයෙන් රබර් හෝ සිලිකොන් වලින් තමයි හදන්නේ. නම්‍යශීලී පුනීල වගේම විවිධ හැඩවලින් මේ කප් දැන් මිලදී ගන්න පුළුවන්. මේක ටැම්පන් (Tampon) එකක් වගේම යෝනි මාර්ගයට ඇතුළු කරන ඔසප් නිෂ්පාදනයක්. අපි Menstrual Cup එකක් ඇඳගෙන ඉන්න කාල සීමාව තුළ ඒකට රුධිරය සහ ඔසප් තරල එකතු වීමක් තමයි මෙයින් සිද්ධ වෙන්නේ.

මෙහි විශේෂම දේ තමයි පෑඩ්, ටැම්පන් හෝ වෙනත් ක්‍රමවලට වඩා වැඩි රුධිරය වැඩි ප්‍රමාණයක් මෙයට අල්ලා ගත හැකි වීම. සාමාන්‍යයෙන් පෑඩ් එකක් පැය තුනක්, ටැම්පන් එකක් පැය හයත් අටත් අතර කාලෙකින් ඉවත් කරන්න සිදු වෙනවනේ. Menstrual Cup එක පැය 6-12 ක් දක්වා ඇදගෙන ඉන්න පුළුවන් වගේම පෑඩ් හෝ ටැම්පන්වලින් වෙනස් වෙන්නෙ එය නැවත නැවත භාවිත කළ හැකි වීම නිසා.

Keeper Cup, Moon Cup, Lunette Menstrual Cup, Diva Cup, Lena Cup and Lily Cup වැනි සන්නාමවලින් නැවත භාවිත කළ හැකි Menstrual Cup මිලදී ගත හැකි අතර Soft cup වැනි එක් වරක් භාවිත කර ඉවත දැමිය හැකි කප් වර්ගත් තියෙනවා.

Menstrual Cup වේදනාකාරීද?

මුලින්ම භාවිත කරන විට යම් අපහසුතාවයක් ඇති වීම සාමාන්‍ය දෙයක්. ඒත් බොහෝ දෙනෙකුට එය භාවිතා කරන ආකාරය ඉගෙන ගත් පසු වේදනාවක් වන්නේ නැහැ. ජීවිත කාලෙටම කලින් කිසි දිනක නොවිඳි පහසුවක් අත් විඳිය හැකිබව දැනෙන්න පටන් ගනීවි.

වඩා හොඳ කප් එක ද? පෑඩ් එකද?

එය සාපේක්ෂයි. පුද්ගල රුචිකත්වය අනුව වෙනස් වෙන්න පුළුවන්. යෝනි මාර්ගයට කිසිවක් ඇතුළු නොකිරීමට කැමති අය ඇතුළු සමහර අය තවමත් පෑඩ් එකෙන් සතුටු වෙනවා වෙන්න පුළුවන්. වඩා හොඳ විකල්ප ගවේෂණය කරන අය ටැම්පන් හෝ කප් එකට කැමති වෙන්න තියෙන ඉඩ වැඩියි කියලයි මට හිතෙන්නේ. ඒ වගේම සෑම පීරියඩ් නිෂ්පාදනයකම වාසි වගේම අවාසි තිබිය හැකියි. ඇතැම් අයට සෞඛ්‍යමය හේතු නිසා ඇතැම් ක්‍රම නුසුදුසු වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදියට, ඔබට ගබ්සාවක් සිදුවී ඇත්නම් කප් එක නිර්දේශ කරන්න බැහැ.

කප් එකක් ඇඳගෙන ඉන්න විට මුත්‍රා බැහැර කළ හැකිද?

ඔව්, අනිවාර්යයෙන්ම. මේක ප්‍රශ්ණයක් වෙන්නෙ යෝනි මාර්ගය සහ මුත්‍රා මාර්ගය පටලවා ගන්න අයට. ඔසප් කප් එක මුත්‍රා මාර්ගය අවහිර කරන දෙයක් නෙවෙයි. එය ටැම්පොන් භාවිතා කිරීම හා සමානයි.

නාරිවේද වෛද්‍යවරුන් Menstrual Cup නිර්දේශ කරන්නේද?

ඔව්. මේ ගැන හොයල බැලුවම ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන්ගේ ඇමරිකානු විද්‍යාලය හොඳින් ක්‍රියා කළ හැකි පීරියඩ් නිෂ්පාදන ලැයිස්තුවට ඔසප් කප් ඇතුළත් කර ඇති බව දැනගන්න පුළුවන් වුණා.

කන්‍යාවකට Menstrual Cup භාවිතා කළ හැකිද?

ඒකටත් උත්තරය ඔව්, ඔබ කිසි දිනෙක ලිංගිකව හැසිරුණේ නැති කෙනෙක් වුණත් ඔසප් කප් එකක් භාවිතා කරන්න ගැටලුවක් නැහැ. ඔසප් කප් එකක් හෝ ටැම්පන් එකක් පළමු ඔසප් වාරයේදීම යෝනි මාර්ගයේ තියන්න පුළුවන් වගේම එය ආරක්ෂිතයි. ඒත් නව යොවුන් වියේ දුවක් නම් මෙය පාවිච්චි කරන්න කලින් හොඳට අධ්‍යයනය කළ යුතුයි. මවගෙන් අසා දැනගන්න වගේම අවශ්‍ය නම් වෛද්‍ය නිර්දේශ ලබා ගත්‍තත් වැරැද්දක් නැහැ.

ලංකාවේ මිලදි ගන්න පුළුවන් ද?

ඔව්. ප්‍රමුඛ පෙළේ ෆාමසිවලින් වගේම ඔන්ලයින් ප්ලැට්පෝර්ම්වලින් Menstrual Cup ගෙදරටම ගෙන්න ගන්නත් හැකියාව දැන් තියෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ රු 2500-3500 අතර මිල ගණන්වලට මේවා මිලදී ගන්න පුළුවන්.

Menstrual Cup ටැම්පොන් සහ පෑඩ් වෙනුවට පිරිවැය ඉතිරිකිරීමේ හොඳ විකල්පයක් කියල කියන්න පුළුවන්. නාස්තිය අවම කිරීමටත් මේ තරම් හොඳ තවත් දෙයක් නැති තරම්. ඒත් මතක තියාගන්න ඕන දේ තමයි අනෙක් පීරියඩ් නිෂ්පාදන වගේම මේවාත් සෑම කෙනෙකුටම සුදුසු නැහැ කියන එකයි.

උත්සාහ කිරීමට අවශ්‍ය නම්, නිවැරදි ප්‍රමාණය හොඳම වර්ගය තෝරාගෙන ආරක්ෂිතව එය අඳින ආකාරය පළමුව හොඳින් අධ්‍යයනය කරන්න. කප් අඳින ක්‍රම වගේම අනුගමනය කළ යුතු විධි වෙනම කතා කළ යුතු මාතෘකාවක්. අවශ්‍ය කෙනෙකුට අන්තර්ජාලයෙන් යූ ටියුබ් එකෙන් ඉගෙන ගන්නත් හැකියාව ඕනෑ තරම් තියෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!