12වැනි මහලෙන් බිමට වැටුණු පාසල් සිසුවියක් ජීවිතක්ෂයට..

කොළඹ මියුසියස් විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි දැරියක් බොරැල්ල ප්‍රදේශයේ මහල් 24කින් යුත් නිවාස සංකීර්ණයක 12 වැනි මහලෙන් වැටී මියගොස් තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බොරැල්ල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (10) රාත්‍රියේ මෙම අවසානාවන්‍ත සිදුවීම සිදු වූ අතර, අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැරිය ජීවිතක්ෂයට පත්වුණා.

ඇයගේ මව අනාවරණය කර ඇති ආකාරයට ඇය කලක සිට මානසික ආතතියකට ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසෙනවා.

දැරිය බැල්කනියෙන් බිමට පැන්නාද එසේත් නැතිනම් මෙම වැටීම හදිසි අනතුරකින් සිදුවූවක්ද යන්න පිළිබඳව පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි පොලිසිය සඳහන් කරන්නේ.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...