2025 ලොව බලගතුම පාස්පෝර්ට් ලැයිස්තුව මෙන්න… ලංකාව කොතැනද?

2025 සඳහා ලොව බලවත්ම ගමන් බලපත්‍ර (Passport) සහිත රටවල් ලැයිස්තුව මේ වන නිකුත් කර තිබෙනවා.

මෙම ගෝලීය ශ්‍රේණිගත කිරීම ලොව පුරා සිටින පුරවැසියන්ට වීසා රහිතව ඇතුළු විය හැකි රටවල් සංඛ්‍යාව අනුව පෙළගස්වනු ලැබූවකි.

ඒ අනුව මෙම වසරේ ලොව බලගතුම පාස්පෝර්ට් හිමි පුරවැසියන් වන්නේ සිංගප්පූරු ජාතිකයන්ය. ඔවුන්ට ලොව පුරා ගමනාන්ත 227 න් විස්මිත ගමනාන්ත 195 කට වීසා රහිතව ඇතුළු වීමට හැකියාව පවතී.

එමෙන්ම රටවල් 193 කට වීසා රහිත ප්‍රවේශය සහිත ලොව දෙවන බලවත්ම විදේශ ගමන් බලපත්‍රය ජපානය සතු බව නවතම අධ්‍යයනයෙන් හෙළිදරව් කර තිබෙනවා.

ෆින්ලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ස්පාඤ්ඤය සහ දකුණු කොරියාව ඒකාබද්ධ තෙවැනි ස්ථානයේ පසුවන අතර එම රටවල පුරවැසියන්ට රටවල් 192කට වීසා රහිතව ප්‍රවේශ වීමේ හැකියාව සතුය.

ඔස්ට්‍රියාව, ඩෙන්මාර්කය, අයර්ලන්තය, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය යන රටවල් හතක් ගමනාන්ත 191කට වීසා රහිත ප්‍රවේශය සහිත රටවල් ලෙස ලැයිස්තුවේ හතරවන ස්ථානයට පත්ව තියෙනවා.

එක්සත් රාජධානිය පස්වන ස්ථානයේත් ඔස්ට්‍රේලියාව 6 වෙනි ස්ථානයේත් පසුවන අතර ඇමරිකා එක්සත් ජනපදය සිටින්නේ නව වැනි ස්ථානයේය.

ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ ස්පාඤ්ඤය පසුගිය වසරේ දර්ශකයට සාපේක්ෂව ස්ථාන දෙකක් පහත වැටී ඇති අතර එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය ඇතුළු යුරෝපීය ජාතීන් විසින් ආධිපත්‍යය දරන රටවල් ලැයිස්තුවේ පහළට වැටී තිබීම විශේෂ ලක්ෂණයකි.

ඇෆ්ගනිස්තානය වීසා රහිත ප්‍රවේශයන් 26 ක් සමඟ දර්ශකයේ පහළම එනම් 106 වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව ඊට මදක් ඉහළින් වීසා රහිත ප්‍රවේශ 44 ක් සමඟ 96 වැනි ස්ථානයේ රැඳී සිටියි.

බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය වසර 10 ක්තුළ 5 වැනි ස්ථානයට පහත වැටී ඇත්තේ 2015 වසරේ මෙම දර්ශකයේ ඉහළින්ම සිටි රට ලෙස දරුණු පසුබෑමකට ලක් වෙමින්ය.

දර්ශකයේ පරාජිතයන්ගේ ලැයිස්තුවට කැනඩාව ද ඇතුළත්. එය පසුගිය දශකය තුළ ශ්‍රේණි තුනක් පහත වැටී ඇති අතර වර්තමානයේ පසුවන්නේ හත්වන ස්ථානයේය.

මෙම දර්ශකය නිර්මාණය කරනු ලැබුවේ ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ (IATA) සුවිශේෂී දත්ත මත පදනම් වූ හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය (Henley Passport Index) විසිනි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!