සමලිංගික ජෝඩු 200කට වැඩි ප්‍රමාණයක් විවාහ ගන්වමින් සමලිංගික විවාහ නීත්‍යානුකූල කළ පළමු අග්නිදිග ආසියාතික රට බවට පත් වූ තායිලන්තය

සමලිංගික විවාහ සඳහා අවසර දෙන නීතිය ක්‍රියාත්මක කරමින් 2025 ජනවාරි 23 වන දින තායිලන්තය අග්නිදිග ආසියාවේ සමලිංගික විවාහ නීතිගත කළ පළමු රට බවට පත් වුණා.

එරට LGBTQ+ ප්‍රජාව දශකයකට වැඩි කාලයක් උත්සහ කර ලබා ගත් මෙම අයිතිය දිනා ගැනීමෙන් පසු රටපුරා උත්සව පැවැත්වුණු අතර මධ්‍යම බැංකොක් හි සුඛෝපභෝගී සාප්පු සංකීර්ණයක පැවති මහා උත්සවයකදී රට පුරා සමලිංගික ජෝඩු 200 කට අධික සංඛ්‍යාවක් සිය විවාහයට අත්සන් තබා ඇත්තේ සතුටු කඳුළු වගුරුවමිනි.

තායිලන්ත රජය ප්‍රකාශ කළේ වැඩිම සමලිංගික විවාහ සඳහා ලෝක වාර්තාවක් මෙම දිනයේදී ලබා ගැනීමට උත්සාහ කරන බවයි.

නීතිය ක්‍රියාත්මක වූ දිනයේ සිට විවාහ ලියාපදිංචි කිරීම සඳහා දිස්ත්‍රික් කාර්යාලවලට පැමිණෙන ලෙස ප්‍රකාශ කරමින් අගමැතිනි පේතොන්තාන් ෂිනවත්‍රා (Paetongtarn Shinawatra) පසුගිය සතියේ සමලිංගික ජෝඩු දිරිගන්වා තිබුණා.

තායිලන්තයේ විවාහ සමානාත්මතා නීතිය සම්මත කෙරුණේ පසුගිය වසරේදීය.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...