තාබු වයස අවුරුදු 30 දී 60 හැවිරිදි අමිතාබ්ගේ බිරිය වීම ප්‍රතික්ෂේප කළා

අමිතාබ් බච්චන් සහ හේමා මාලිනී ප්‍රධාන චරිත නිරූපණය කළ සුප්‍රසිද්ධ චිත්‍රපටය වන Baghban හි අමිතාබ්ගේ බිරිඳගේ චරිතය නිරූපනය කිරීමට මුලින්ම තෝරාගෙන තිබුණේ තාබුය.

චිත්‍රපටයේ නිෂ්පාදක රවී චොප්රාගේ බිරිඳ රේණු චොප්රා පවසන ආකාරයට තාබු පිටපත බලා බෙහෙවින් හැඟීම්බර වී තිබුණා. ඒත් පසුව තාබු එය ප්‍රතික්ෂේප කළා. නිෂ්පාදකයින් හිතා තිබුණේ එය බෙහෙවින්ම ඇය සංවේදී කළ නිසා තාබු එය භාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. නමුත් ඇත්තටම එයට බලපෑවේ වෙනත් හේතුවකි.

2003 වසරේ තිරගත වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටය තාබු ප්‍රතික්ෂේප කළේ එවකට තිස් හැවිරිදි වියේ පසු වූ ඇය 60 හැවිරිදි වියේ අමිතාබ්ගේ බිරිඳ ලෙස රගපෑමට ඇය තුළ තිබූ අකමැත්‍ත නිසා. එමෙන්ම තිර පිටපතේ සඳහන් ආකාරයට එවැනි ලාබාල වියේදී දරුවන් සතර දෙනෙකුගේ මවක් ලෙස රඟපෑමට ඇය කැමති වුණේ නැහැ.

අවසානයේ චිත්‍රපට නිෂ්පාදකයින්ට Baghban හි අමිතාබ්ගේ බිරිඳගේ චරිතයට තෝරා ගැනීමට සිදුවුණේ හේමාමාලනීය.

වඩාත් සිත්ගන්නා කරුණ නම් ඇගේ තීරණයෙන් පසු ඇති වූ තත්ත්වයයි. රේණු චොප්රාට අනුව, ප්‍රතික්ෂේප කිරීම ගැන දැනගත් විට තාබුගේ අම්මා කෝපයට පත් වූ බවයි පැවසෙන්නේ. 2003 දී Baghban සිනමාහල්වල නිකුත් වූ විට තාබු හයිද්‍රාබාද්හි සිටි අතර ඇගේ නැන්දා සහ මාමා සමඟ එය නරඹා තිබුණා. ඇය චරිතය ප්‍රතික්ෂේප කළ බව දැනගත් පසු, ඇගේ නැන්දා ද කෝපයට පත් වූ බව සඳහන් වෙනවා.

එසේ නමුත් තාබු හා අමිතාබ් බච්චන් සහයෝගීතාවය අවසානයේ සිදු වූයේ 2007දී තිරගත වූ Cheeni Kum චිත්‍රපටයේදීය. තාබු Baaghban මඟ හැර ගත්තද Chheni Kum චිත්‍රපරයේදී අම්බාතාබ්ව අතහැර ගත්තේ නැහැ. එය විචාරක පැසසුමට පවා හේතු වූ අතර විශාල වයස් පරතරයක් ඇති පෙම්වතුන් දෙදෙනෙකුගේ චරිත නිරූපනය කළා. චිත්‍රපටයේ අමිතාබ් 64 හැවිරිදි සූපවේදියෙකු වන බුද්ධදේව් ගුප්ත ලෙස 34 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරියක් වන නීනා (තාබු) සමඟ ආදරයෙන් බැඳෙයි. එහෙත් ඇගේ පියා ඔහුට වඩා අවුරුදු හයක් බාල බව ඔහු දැනගත් විට ඔවුන්ගේ අනාගතය අවිනිශ්චිත වන ආකාරය චිත්‍රපටයට තේමාවුණා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...