අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සැපයුමට රජය සූදානම්

ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සාමාජිකයෝ සිව්වන වරටත් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (03) රැස් වුණා.

එළැඹෙන අලුත් අවුරුදු සමයේ ජනතාවට හිගයකින් තොරව සහන මිලට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර රට තුළ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා තොග පවත්වා ගැනීම ඇතුළු අනෙකුත් පියවර පිළිබඳව ද දීර්ඝ ලෙස සමාලෝචනය කෙරුණා.

පාරිභෝගිකයාත්, ගොවි ජනතාවත්, නිෂ්පාදකයාත් ආරක්ෂා කරගනිමින් මෙම සියලු පියවරයන් ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු බවයි වාර්තා වන්නේ.

විශේෂයෙන් සත්ව ආහාර නිෂ්පාදනය සඳහා බඩඉරිගු ආනයනයට අප්‍රේල් 01 වැනිදායින් පසුව අනුමැතිය ලබා දීමට ද සාකච්ඡා වී තිබුණා.

මෙහිදී වැඩිදුරටත් අවධාරණය කෙරුණේ විවිධත්වයෙන් යුතුව ආහාර තෝරා ගැනීමට පුරවැසියාට ඇති අයිතිය තහවුරු කිරීම සහ උසස් තත්ත්වයේ නිෂ්පාදන පරිභෝජනය කිරීමට අවස්ථාව ලබාදීය යුතු බවයි.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ අග්‍රාමාත්‍ය ලේකම් ජී.පී. සපුතන්ත්‍රී, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරුන්ද, අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...
error: Content is protected !!