ඇමරිකාව යුක්‍රේනයට හමුදා ආධාර දීම කපා හරියි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුක්‍රේනයට හමුදා ආධාර ලබාදීම තාවකාලිකව අත් හිටුවීමට පියවර ගෙන තිබෙනවා.

මෙය වොෂින්ටනය, කියෙව් හා යුරෝපීය සහචරයින් අතර ආතතීන් උත්සන්න කිරීමක් ලෙසයි සැලකෙන්නේ.

යුක්‍රේනය සහ ඇමරිකාව අතර නැගී එන මෙම ආතතින්ට හේතුව වී ඇත්තේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සාමය කෙරෙහි අවධානය යොමු කිරීම බවයි ධවල මන්දිරය පවසන්නේ. ඔවුන්ගේ හවුල්කරුවන් ද ඊට කැපවිය යුතු බව ඔහු විශ්වාස කරන බව ධවල මන්දිර වාර්තා පවසා තිබෙනවා.

මෙම තීරණය ගනු ලැබුවේ ධවල මන්දිරයේදී යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර ඇති වූ අසාමාන්‍ය ගැටුමෙන් දින කිහිපයකට පසුවය.

එය රුසියානු – යුක්‍රේන යුද්ධය පිළිබඳ ප්‍රතිපත්ති සහ සන්ධානවල වෙනසක් පෙන්නුම් කළ හමුවීමක් වුණා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...