තැන් 20ක හෙව්වත් දේශබන්දු කොහේවත් නෑ

මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාදුන් නියෝගයකට අනුව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු රැදී සිටි බවට තොරතුරු වාර්තා වූ ස්ථාන 20ක් මේවන විට පරික්ෂාවට ලක් කර තිබෙනවා.

කෙසේ නමුත් එම ස්ථාන කිසිවක ඔහු නොසිටි බවයි පැවසෙන්නේ.

මේ වන විට දේශබන්දු තෙන්නකෝන්හට විදෙස් ගමන් තහනමක්ද පනවා තිබෙනවා.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු‍ 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා (28) නියෝග කර තිබුණා.

කෙසේ වෙතත් අධිකරණ නියෝගයක්, සංචාරක තහනමක් තිබියදී හා නිවාස පහක් සෝදිසි කිරීමෙන් පසුව පවා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සොයා ගැනීමට පොලිසිය අසමත් වී තිබෙනවා.

දේශබන්දු, අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාදය පිළිබඳව විමසීමකට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගනිමින් සිටින බවත් නිවාස පහක් සෝදිසි කළ බවත් සඳහන් කර තිබුණා.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...