නැගෙනහිරෙන් මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් හඳුනාගනී

නැගෙනහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් පිළිබඳ තොරතුරු ලැබී ඇති බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අනාවරණය කරනු ලැබුවා.

මාධ්‍ය අමතමින් ඔහු පැවසුවේ පොලිස් බුද්ධි අංශ සහ ආරක්ෂක අංශ අන්තවාදී කණ්ඩායම පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බවයි.

මෙම සිදුවීම පිළිබඳව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැට්ය ශීර්ෂය අතරතුරද යම් කරුණු ප්‍රමාණයක් අනාවරණය කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

මෙම අන්තවාදී කණ්ඩායමේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශ දැඩි අවධානයෙන් සිටින බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

Latest News

More like this

හොරණ මාළිමා මන්ත්‍රීවරු කාල තරණය කර අයවැය සම්මත කර ගනී..

විපක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකුගේ සහභාගීත්වයෙන් තොරව හොරණ නගර සභාවේ අයවැය...

දිට්වා හානිය රු. කෝටි ලක්ෂයක් ඉක්මවයි…. ලෝක බැංකු වාර්තාව කියයි

දිට්වා සුළි කුණාටුවා හේතුවෙන් ඇති වූ ගංවතුර හා නාය...