තමන්නා සහ විජේ වර්මාගේ ප්‍රේමය අවසන්

ඉන්දීය සිනමාවේ ආදරණීයම එක් වීමක් ලෙස සැලකුණු තමන්නා භාතියා සහ විජේ වර්මාගේ ප්‍රේමය අවසන් බවට රාවයක් පැතිර යමින් පවතී.

පසුගිය සති කිහිපය පුරා ඔවුන් විවාහ වීමට යන බවටයි වාර්තා පළ වුණේ. එහෙත් මේ වන විට ඔවුන් වෙන් වී ඇති බව මාධ්‍ය වාර්තා කිහිපයක්ම පෙන්වා දී තිබෙනවා.

එම වාර්තා පෙන්වා දෙන්නේ වෙන්වීමට තීරණය කළද තමන්නා සහ විජේ අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ හැඟීමෙන් මිත්‍රශීලී සම්බන්ධතාවයක් පවත්වා ගෙන යනු ඇති බවයි.

බොහෝ දෙනෙක් ආදරය කළ එකට දැකීමට ප්‍රිය වුණු ඒ ආදරේ අවසන් වීමට හේතුවක් නම් කිසිවෙකු වාර්තා කර නැහැ. තමන්නා හෝ විජේ මේ සම්බන්ධයෙන් සෘජු ප්‍රතිචාරයක් දක්වාත් නැහැ.

වෙන්වීමේ කටකතා මැද්දේ ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් ඡායාරූප මකා දමා ඇති බවට වාර්තා පළ වුණත් පෙනී යන්නේ එහි ද සත්‍යතාවක් නොමැති බවයි. ඔවුන් දෙදෙනා එකට සිටින ඡායාරූප ඔවුන්ගේ ඉන්ස්ටග්‍රෑම් තුළ තවමත් දැකගත හැකියි.

තමන්නා සහ විජේගේ සම්බන්ධතාවය පිළිබඳ කටකතා මුලින්ම ආරම්භ වූයේ 2023 දී Lust Stories 2 නිකුත් වීමට මාස කිහිපයකට පෙර ගෝවාහි දී ඔවුන් දෙදෙනා එක්ව අලුත් අවුරුදු සැමරීමෙන් පසුවයි. මාස ගණනක කටකතා සහ මාධ්‍ය අනුමාන වලින් පසුව තමන්නා අවසානයේ 2023 ජුනි මාසයේද සම්මුඛ සාකච්ඡාවකදී ඔවුන්ගේ සම්බන්ධතාවය තහවුරු කර තිබුණා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!