රත්තරන් ජාවාරමක කොටස්කාරියක් වූ ජනප්‍රිය නිළිය අත්අඩංගුවට

කන්නඩ නිළි රන්යා රාඕ ඉන්දියාවේ බැංගලෝර් ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී රත්තරන් කිලෝග්‍රෑම් 15 ක් සමඟ අත්අඩංගුවට පත් වුණා.

ඩුබායි සිට රුපියල් කෝටි 12 කට වඩා වටිනා රත්‍රන් කිලෝග්‍රෑම් 14.8 ක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට ඇය උත්සාහ කරමින් සිටි බවයි වාර්තා වන්නේ.

රන්යා රාඕ, එමිරේට්ස් ගුවන් යානයකින් ඩුබායි සිට පැමිණි අවස්ථාවේ ඉන්දීය ආදායම් බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයට (DRI) ලැබුණු ඔත්තුවක් අනුව අත්අඩංගුවට පත්ව තිබුණා.

ඇයගේ නැවත නැවතත් ජාත්‍යන්තර සංචාර හේතුවෙන් ඔවුන් ඇය ගැන දැඩි විමසිල්ලෙන් සිටි බව සඳහන් වෙනවා. ඇය දින 15 ක් ඇතුළත සිව් වතාවක් ඩුබායි වෙත ගොස් ඇති බව ඔවුන් සමීපව නිරීක්ෂණය කර ඇති බව සඳහන් ය. ඇය යම් නීති විරෝධී ක්‍රියාකාරකම්වල කොටස්කරුවෙකු බවට සැකයක් මත මෙවර ඇය ඉන්දියාවට නැවත පැමිණීම නිලධාරීන් විසින් පරීක්ෂා කර තිබෙනවා.

අත්අඩංගුවට ගැනීමෙන් පසු, රන්යා ආර්ථික අපරාධ අධිකරණයකට ඉදිරිපත් කරනු ලැබූ අතර ඇය දින 14 ක අධිකරණ භාරයට යවා ඇති බව වාර්තා පවසනවා.

පරීක්ෂා කිරීම්වලදී නිළිය ඇගේ ඇඳුම්වල රන් බාර් සඟවාගෙන එයින් සැලකිය යුතු කොටසක් පැළඳගෙන සිට තිබෙනවා. වාර්තා වන පරිදි, ඇය හොර රහසේ ගෙන ගිය රත්තරන් වලින් විශාල කොටසක් පැළඳ සිටියා. රේගු පරීක්ෂාවන් මග හැරීම සඳහා ඇය ඇගේ සම්බන්ධතා උපයෝගී කර ගැනීමට උත්සාහ කර ඇති බවට නිලධාරීන් සැක කරනු ලබනවා. පොලිස් සැකයෙන් මිදීම සඳහා රන්යා තමන් කර්ණාටක ප්‍රාන්තයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකුගේ දියණිය ලෙසයි තමන්ව හඳුන්වා දී ඇත්තේ.

ඇය ඩුබායි සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක වන විශාල රන් ජාවාරමක කොටස්කාරියක් ද යන්න මේ වන විට විමර්ශනය කෙරෙමින් පවතී.

රන්යා රාඕ වඩාත් ප්‍රසිද්ධියට පත් වුණේ 2014 දී නිකුත් වූ Maanikya චිත්‍රපටයේ කන්නඩ සුපිරි තරුව සුදීප් සමඟ රඟපෑම නිසාය. ඇය තවත් චිත්‍රපට කිහිපයකම පෙනී සිටියා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...

රජයේ ආදායම නගී….

රජයේ සමස්ත ආදායම පසුගිය මාර්තු මාසයේ සිට අඛණ්ඩව වර්ධනය...
error: Content is protected !!