ශ්‍රී ලංකා රේගුවට යුගයට ගැළපෙන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරන බවට ජනපති අවධාරණය කරයි

ශ්‍රී ලංකා රේගුව තුළ යුගයට ගැළපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (05) පැවැති සාකච්ඡාවක් අතරතුරදීය.

ඒ සඳහා දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීමේ දී නව තොරතුරු තාක්ෂණික විසඳුම් යොදා ගැනීමෙන් කාර්‍යක්ෂමව සේවා සැපයීමේ සැලසුම් පිළිබඳව අවධානය යොමු වුණා.

මෙහිදී ජනාධිපතිවරයා රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ පවතින අප්‍රසාදය පිළිබඳවද නිලධාරීන්ගේ අවධානය යොමු කිරීමට කටයුතු කරනු ලැබුවා.

දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බවයි වාර්තා වන්නේ.

මානව සම්පත් කළමනාකරණය, නව බඳවා ගැනීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය කඩිනම් කිරීම පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ගේ අවධානය යොමු කරවීය.

පසුගිය වසරේ රේගුව විසින් අත්කර ගන්නා ලද ආදායම් ඉලක්ක මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වූ අතර මෙවර ඉලක්ක ගත ආදායම සපුරා ගැනීම සඳහා රේගු දෙපාර්තමේන්තුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් කෙරුණා.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු යන මහත්වරුද, ශ්‍රී ලංකා රේගුවේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී. නෝනිස් ඇතුළු ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!