ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත් වී ඇත්දැයි සති දෙකක් තුළ නිල වශයෙන් දැනුම් දෙන ලෙස බලශක්තිය අමාත්‍යංශය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමින් ඉල්ලා සිටියත් ඔවුන්ගෙන් මෙතෙක් පැහැදිලි ප්‍රතිචාරයක් ලැබී නැතැයි බලශක්තිය අමාත්‍යාංශය පවසනවා.
බලශක්ති අමාත්‍යාංශය අදානි ග්‍රීන් එනර්ජි ශ්‍රී ලංකා සමාගමට මේ බව දැනුම් දී තිබුණේ පසුගිය පෙබරවාරි 21 වැනි දාය.
කෙසේ වෙතත් නීත්‍යානුකූලව ව්‍යාපෘතියෙන් ඉවත් වෙනවා වෙනුවට ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යොමු කරමින් මෙම ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වන බව දන්වා ඇති බවයි බලශක්ති අමාත්‍යාංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.
රජයට අනුව තවමත් අදාළ ග්‍රීන් එනර්ජි සමාගමට සාකච්ඡා මේසය විවෘත බවත් ඔවුන්ට කැමති නම් සාකච්ඡා මේසයට පැමිණි හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
සමාගම විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට යොමු කළ ලිපිය ජාත්‍යන්තර මාධ්‍ය වෙත ලබා දුන්නාදැයි සැකයක් පවතින බවත් එලෙස කටයුතු කරනු ලැබුවේ ශ්‍රී ලංකාව කලබල වී ඔවුන්ට අවශ්‍ය දේ ලබා දේ යැයි සැකයක් පවතින බවයි අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් සඳහන් කරන්නේ.
ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම පසුගිය දහතුන් වෙනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති අර්ජුන හේරත් වෙත ලිපියක් යවමින් දන්නා සිටියේ ඇමෙරිකානු ඩොලර් කෝටි 100ක වටිනාකමින් යුත් මන්නාරම් සුළං බලාගාර ව්‍යාපෘතියෙන් සහ විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති දෙක දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් තම සමාගම ඉන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.
සුළං බලා බලාගාර ව්‍යාපෘතිය යෝජනාව සම්බන්ධයෙන් රජය පත් කළ කමිටුව සමඟ සාකච්ඡාවට දාහතරක් පැවැත්වීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය අනුමැතින් හා බලපත්‍ර බොහොමයක් ලබා ගැනීමට සිය සමාගමට හැකියාව ලැබුණු බවත් එසේ තිබියදීත් කැබිනට් මණ්ඩලය මුල් අවස්ථාවේ අනුමැතිය ලබා දුන් විදුලිය මිලදී ගැනීමට එකඟ වූ අගය නැවත සාකච්ඡා කිරීමට කමිටු දෙකක් පත් කර ඇතිබව සමාගම ආයෝජන මණ්ඩලය වෙත යැවූ ලිපියේ සඳහන් වෙනවා.