මර්වින් සිල්වා අත්අඩංගුවට

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඊයේ (05) රාත්‍රියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩම් ව්‍යාජ ඔප්පු සකස් කර පෞද්ගලික අංශයට විකුණූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව කෙරෙන විමර්ශනවලින් පසු හිටපු අමාත්‍යවරයා මෙසේ අත්අඩංගුවට ගැනුණා.

එම සිද්ධියට සම්බන්ධ බව කියන තවත් කීප දෙනෙකුද අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Latest News

error: Content is protected !!