ඩේසි ආච්චිට උදේට කාපු දේ කියන්නවත් මතක ශක්තියක් නැහැ

හවුල් බැංකු ගිණුමක රුපියල් කෝටි හයකට ආසන්න මුදලක් තිබූ බව කියන සිද්ධියකට අදාළව සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නැන්දම්මවන 97 හැවිරිදි වියේ පසුවන ඩේසි ෆොරස්ට් නම්‍ තැනැත්තිය රුපියල් කෝටි එක හමාරක් වටිනා ඇප මත මුදා හැරීමට කඩුවෙල් මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඩේසි ෆොරස්ට්, ඇප මත මුදා හැරීමට විරුද්ධත්වයක් නැති බවට රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය එම නියෝගය නිකුත් කර තිබුණා.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ වැරදි කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තනිය වන ඩේසි ෆොරස්ට් වෙත එල්ල වුණු චෝදනා අනුව ඇය අත් අඩංගුවට ගැනුණා.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය අමතමින් අධිකරණයට ඉදිරිපත් කළ සිටින මෙම වයෝවෘද්ධ කාන්තාවට ඇප ලබා දීම සම්බන්ධයෙන් රහස් පොලිසිය විරුද්ධ වන්නේදැයි වන්නේ ප්‍රශ්ණ කළා.

අවුරුදු 97ක වයෝවෘද්ධ කාන්තාවක් වන තම සේවා දායිකාවගේ මතක ශක්තිය හොඳ තත්ත්වයක නැති බවත් නම හැරුණ විට වෙනත් දේවල් කීමට ඇයට මතක ශක්තියක් නැති බවත් අද උදේ ආහාරයට ගත්තේ මොනවාද කියා කීමටවත් ඇයට මතකයක් ශක්තියක් නොමැති බවත් එවැනි තත්ත්වයක් තුළ 2013 වසරේ කළ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිය සේවා දායිකාවගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි අධිකරණය හමුවේ කරුණු දක්වමින් පවසා සිටියා.

ඒ අනුව නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායිකාවගේ වයස, ඇගේ සෞඛ්‍ය තත්ත්වය මෙන්ම විමර්ශනය සඳහා වසර දහයකට අධික කාලයක් ගත වී තිබීම යන කරුණු සැලකිල්ලට ගෙන තම සේවා දායිකාව ඕනෑම කොන්දේසියක් යටතේ ඇප මත මුදා හරින ලෙසයි.

Latest News

More like this

ජනපති අපනයන ක්ෂේත්‍රයේ පාර්ශවකරුන් හමුවෙයි

අමෙරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාවෙන් එරටට ආනයනය කරනු ලබන...

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...
error: Content is protected !!