ට්‍රම්ප්ගේ ආරක්ෂක බලකායට බඳවාගත් 13 හැවිරිදි දරුවා

මොළයේ පිළිකාවකින් රෝගී වූ කුඩා දරුවෙකුගේ පොලිස් නිලධාරියකු වීමේ සීනයේ සැබෑ කර දීමට ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් කටයුතු කර තිබෙනවා.

ඞී.ජේ ඩැනියෙල් නමැති දහතුන් හැවිදි එම දරුවා ජීවත්වීමට ඇත්තේ තව මාස පහක් පමණක් බවයි වෛද්‍යවරුන් අනුමාන කර ඇත්තේ.

ඞී.ජේ පිළිකා රෝගියකු බව හඳුනා ගැනුණේ 2018 වසරේ දීය.

ට‍්‍රම්ප් පසුගිය දෙවැනිදා කොංග‍්‍රසය අමතද්දී ආරාධිතයන් ලෙස පැමිණි අය අතර ඞී.ජේ සහ ඔහුගේ පියාද සිටියා.

කොංග‍්‍රසය අමතමින් ජනාධිපති රාම් රැස්ව සිටි සියලූ‍ දෙනාට ඞීජේ හඳුන්වා දෙමින් කියා සිටියේ තමන් ඞී.ජේ ‘සීක‍්‍රට් සර්විස්’ ආරක්ෂක අංශ නිලධාරියකු ලෙස නම් කරන බවයි.

‘සීක‍්‍රට් සර්විස්’ යනු ඇමරිකන් ජනාධිපති ආරක්ෂක අංශයයි. මෙය ඇසූ ඞීජේ මවිතයට පත් වූ බව වාර්තාවල දැක්වෙනවා.

‘‘ඞී.ජේ මම දන්නවා ඔබ කැමැත්තෙන් ඉන්නේ පොලිස් නිලධාරියෙකු වෙන්න. ඒත් මම ඔබට ඊට වඩා බරපතළ රාජකාරියක් පිරිනමන්න කැමතියි. මම ඔබ සීක‍්‍රට් සර්විස් නිලධාරියෙකු කරන්නම්’’ යැයි ට‍්‍රම්ප් පැවසුවේ ඞී.ජේව සියලූ‍ දෙනා ඉදිරියේ ඇගයීමට ලක්කරමිනි.

Latest News

More like this

අගමැති මෝදිගෙන් ජනපතිට ඇමතුමක්

දිට්වා සුළි කුණාටු තත්ත්වය සමඟ ශ්‍රී ලංකාව මුහුණ දුන්...

විපතෙන් ගොඩ ඒමට චීනයත් ආධාර කරයි

දීට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශකාරී ගංවතුර සහ නායයෑම්...

විපතට පත්වූවන් මුදාගනිමින් සිටියදී ජීවිතය පිදූ කීර්තිමත් නියමුවා පිළිබඳ ගුවන් හමුදාවෙන් නිවේදනයක්

වෙන්නප්පුව, ලුණුවිල ප්‍රදේශය අසල අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් විපතට...