විවාහක අධ්‍යක්ෂවරයෙකුට පිස්සුවෙන් වගේ ආදරය කර අහසින් පොළොවට වැටුණු උර්මිලා

උර්මිලා මතොන්ද්කර් යනු බොලිවුඩයේ සුවිශේෂී නිළියක්. ඇය වැඩිපුරම ප්‍රසිද්ධ වුණේ ලිංගික සංකේතයක් විදියට. සාමාන්‍ය බොලිවුඩ් නිළියන්ට තියෙන කඩා හැලෙන ලස්සනක් ඇය සතු නොවුණත් සරාගී කාණ්ඩයේ ඉදිරියෙන්ම හිටිය නිළියක්. උර්මිලා බොලිවුඩයට පිවිසුණේ 1977 වසරේදී. ඇයට එතකොට වයස අවුරුදු තුනක් විතර ඇති.

1991 දී ඇය Narasimha චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපනය කරමින් තීරණාත්මක ගමනක් ආරම්භ කළා. නමුත් ඇයව ඉහළටම ගෙන ගිය චිත්‍රපටය වුණේ ‘Rangeela’චිත්‍රපටයයි. රංගීලා චිත්‍රපටයෙන් පසු, උර්මිලා අඛණ්ඩව බ්ලොක්බස්ටර් චිත්‍රපටවල රඟපෑ අතර වැඩි කල් නොගොස් පිරිමි නළුවන්ට වඩා වැඩි ගාස්තුවක් අය කරන මට්ටමට ඉහළටම පැමිණ සිටියා. ඇයව රංගීලා චිත්‍රපටයෙන් ඉදිරියට ගෙනාවේ ප්‍රකට අධ්‍යක්ෂවරයකු හා නිෂ්පාදකවරයෙකු වන රාම් ගෝපාල් වර්මා. අවාසනාවට ඇගේ රංගන දිවිය මුදුනේ සිට බිමට කඩා වැටීමට හේතුව වුණේත් ඔහු.

90 දශකයේ මුල කඩාගෙන ඉදිරියටම ආවත් බොලිවුඩයේ හිතපු තරම් දුරක් යන්න උර්මිලාට හැකියාවක් ලැබුණේ නැහැ. ඒක වෙන්නේ මෙහෙමයි. රංගීලා චිත්‍රපටයෙන් පසු රාම් ගෝපාල් වර්මාගෙ නිෂ්පාදන හා ඔහු විසින් තිර පිටපත් කළ ගණනාවකට උර්මිලා සම්බන්ධ වෙනවා. Daud, Satya Kaun, Mast, Jungle, Pyaar Tune Kya Kiya, Bhoot, Ek Hasina Thi වැනි චිත්‍රපට ඇතුළු බොහෝ චිත්‍රපටවල ඔවුන් එකට වැඩ කළා වගේම දෙන්නා අතර සමීප සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

රාම් ගෝපාල් වර්මා ඒ වනවිටත් විවාහකයෙක්. වාර්තාවන විදියට උර්මිලා රාම්ට ආදරය කරන්නේ පිස්සුවෙන් වගේ. ඔහුගේ බිරිඳ රත්නාට වැඩිකල් යන්න කලින් මේ බව ඉව වැටුණට පස්සේ ඇය පුදුමාකාර විදියට උර්මිලාට වෛර කරන්න පටන් ගෙන තියෙනවා. ඇය උර්මිලාට පහර දුන් බව ඒ අතර ඉතා ප්‍රකට කරුණක්. මේ නිසා රාම් ගෝපාල් වර්මා ඔහුගේ බිරිඳගෙන් දික්කසාද වීමට පවා තීරණය කරනවා. මෙය උර්මිලාගේ වෘත්තීය ජීවිතයට දැඩි බලපෑමක් වුණා. දිගු කලක් රාම් ගෝපාල් වර්මා සමඟම වැඩ කළ නිසා අනෙක් අධ්‍යක්ෂවරුන්ව ඇයට මඟ හැරී ගියා. මේනිසා කෙටි කලකින් ඇගේ රංගන ජීවිතය අවසන් වුණා. පසුව ඇයට වැඩිපුර ආරාධනා ලැබුණේ සහාය නිළියන්ගේ චරිතවලට පමණක් බව පැවසෙනවා.

උර්මිලා මතොන්ද්කාර් 2016 මාර්තු 3 වන දින මොහ්සින් අක්තාර් සමඟ විවාහ වුණා. මොහ්සින් මුස්ලිම් ජාතික කාශ්මීර සම්භවයක් ඇති නිරූපකයකු වන අතර නළුවෙකු වීමේ ආශාවෙන් මුම්බායි වෙත පැමිණ තිබුණා. ඔහු Luck by Chance, Mumbai Mast Kalandar, A Man’s World වැනි චිත්‍රපටවලත් වැඩ කළ නළුවෙක්. උර්මිලා සහ මොහ්සින් අතර වයස් පරතරය වසර 10 ක් යැයි පැවසෙනවා.

පසු ගිය වසරේ දී උර්මිලා සහ මොහ්සින්ගේ වසර ගණනාවක විවාහ ජීවිතය බිඳ වැටී ඇති බවටත් වාර්තා පළ වුණා. වාර්තාවලට අනුව උර්මිලා මතොන්ද්කාර් පසුගිය වසරේ දික්කසාදය ගොනු කළ අතර ඇගේ සමාජ මාධ්‍යවලින් පවා ඔහු ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!