අවුරුදු විස්සකට පසු සඟවා ගත නොහැකිව එළියට ආ කරීනා ෂාහිඩ්ගේ ප්‍රේමය

දශක දෙකකට පමණ පසු කිසිදා සිදුවේවි යැයි අපේක්ෂා නොකළ දුලබ දසුනක් මේ වන විට ඉන්දීය මාධ්‍යවල ප්‍රධාන සිරස්තලයක් බවට පත්ව තිබෙනවා.

ඒ දශක දෙකකට පමණ ඉහත දී වෙන් වුණු බොලිවුඩ් යුවළක් වුණු ෂාහිඩ් සහ කරීනා නැවත එකට මුණගැසීමයි. ඔවුන් එකට දකින්න ලැබුණු අවස්ථා ඕනෑ තරම් තිබුණත් මෙවර එය විශේෂ වුණේ ඔවුන් ඉස්සර ආදරයෙන්ම එකට හිනාවෙලා කතා කරන්න දැකීම ලැබීම නිසා කිව්වොත් හරි.

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගහකට සමානයි කිව්වට හිත්වල තියෙන ආදරය වෙනස් කරන්න බැහැනේ. ඒවා කොයිතරම් අමාරුවෙන් යටපත් කරගෙන හිටියත් වතුරයට තියෙන රබර් බෝලේ වගේ කොයිම වෙලාවක හරි උඩ එනවා.

කරීනා ෂාහිඩ් පෙම් කතාව ආරම්භ වුණේ 2000 දශකයේ මුල විතර. 2004 දී පටන්ගෙන අවුරුදු තුනක් පුරාවට ගලාගෙන ගිය ලස්සන ප්‍රේමයක් ඒක. ඉම්ටියාස් අලිගේ Jub We Met (2007) චිත්‍රපටය ඒ ආදරේ කූඨාප්‍රාප්තිය වුණත් චිත්‍රපටය අවසන් වෙනකොට ඒ ආදරේත් අවසන් වෙලා තිබුණා.

ඊට පස්සෙ ඔවුන් දෙන්නා මාධ්‍ය ඉදිරියේ හැසිරුණේ කිසි දෙයක් සිදු නොවූ දෙදෙනෙකු ලෙසයි.

2016 දී ඔවුන් එකට රඟපෑ Udta Panjab චිත්‍රපටයේදීවත් ඔවුන් එකට තිරය බෙදාගත්‍තේ නැහැ. කරීනා එහි ඩිල්ජිත් ඩෝසන්ජ්ගෙ පෙම්වතිය ලෙසත් ෂාහිඩ් ආලියාගෙ පෙම්වතා ලෙසත් රංගනයෙන් දායක වුණා.

එසේ නමුත් සති අන්තයේ IIFA 2025 එළිදැක්වීමක් අතර සහීඩ් කරීනා නොස්ටැල්ජියානු ලෙස සමීප වුණු ආකාරය ඔවුන්ට මාධ්‍ය කැමරාවලින් වසන් කිරීමට නොහැකිවුණා.

එය රසිකයන් මවිතයට පත් කළ සිදුවීමක් වූ අතර බොහෝ දෙනෙක් ඔවුන් එසේ නැවත එක්වීම සතුටක් බව ප්‍රකාශ කර තිබුණා.

තවත් අය පවසා තිබුණේ සායිෆ්ට පිහි ඇණුම සිදු වීමෙන් පසු ෂාහිඩ් දැක්වූ ප්‍රතිචාරයන් මේ වෙනසට හේතු විය හැකි බවයි.

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!