මාළිමාවේ කොළඹ නගරාධිපති අපේක්ෂකත්වය ව්‍රායි කැලී බල්තසාර්ට…

ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහ නගර සභාව සඳහා නගරාධිපති අපේක්ෂකයා ලෙස ජාතික ජනතා බලවේගයේ විධායක කමිටු සාමාජික ව්‍රායි කැලි බල්තසාර් නම් කිරීමට ජාතික ජන බලවේගය පියවර ගෙන තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මේ බව අනාවරණය කළේ පසුගිය දා පැවති රැස්වීමක් අතරතුරදීය.

සියලුම පළාත් පාලන ආයතනවල නාමයෝජනා ලැයිස්තුවල 25% ක් සඳහා කාන්තා අපේක්ෂකයින් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේගය සැලසුම් කර ඇති බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

Latest News

error: Content is protected !!