කැනඩා අගමැති ධුරය ජස්ටින් ටෲඩෝගෙන් මාර්ක් කාර්නිගේ අතට

කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාර්ක් කාර්නි තේරී පත්වී තියෙනවා. මේ අනුව කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය 59 හැවිරිදි කාර්නිට හිමිවවීමට නියමිතය.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමි වන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වන විට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂය වන අතර එම පක්ෂයේ පැවති අභ්‍යන්තර ඡන්ද විමසීමකින් පසුව මාර්ක් කාර්නි පක්ෂ නායකයා ලෙස තේරී පත් වුණා.

මේ අනුව ලිබරල් පක්ෂයට නායකත්වය දෙමින් වසර 9ක් අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ජස්ටින් ටෲඩෝට පක්ෂ නායකත්වය මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයද අහිමිවී තියෙනවා.

කාර්නි කැනඩා පුරවැසි භාවයත් බ්‍රිතාන්‍ය පුරවැසි භාවයත් ඇති අයෙකි. මොහු බ්‍රිතාන්‍යයේ මහ බැංකු අධිපති ලෙසත් කැනඩා මහ බැංකු අධිපතිවරයාලෙසත් කටයුතු කළ අයෙකි.

කැනඩා මහ මැතිවරණය ලබන ඔක්තෝම්බර් 20වැනිදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව ඒ සඳහා ලිබරල් පක්ෂය මෙහෙයවීමේ වගකීම පැවරෙන්නේද කාර්නිටය.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...