පාර්ලිමේන්තුවෙන් බල්ලන් පන්නයි

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සැරිසරන සුනඛයින් ඉවත් කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වේත්‍රධාරි කුෂාන් ජයරත්න මහතාට උපදෙස් ලබා දී තිබෙනවා.

පාර්ලිමේන්තු පරිශ්‍රයේ සුනඛයින් දහයකට වැඩි පිරිසක් සිටින බව පැවසෙන අතර මෙම සුනඛයින් පාර්ලිමේන්තු සේවකයින්ට මෙන්ම එහි පැමිණෙන අමුත්තන්ටද හිරහැරයක් බවට පත්ව ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කතානායකවරයා පසුගිය දිනෙක පාර්ලිමේන්තු පරිශ්‍රයේ ගොඩනැගිලි පරීක්ෂා කිරීමේදී සුනඛයකු ඔහුගේ කකුල් දෙක අසලින්ම යනු දැක මෙහේ බල්ලොත් හදනවාදැයි විමසා ඇතිබව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුව කතානායකවරයා වේත්‍රධාරිවරයා වෙත සුනඛයින් ඉවත් කරන ලෙස දැනුම් දී තිබෙනවා.

Latest News

More like this

එළවළු මිල අසාමාන්‍ය ලෙස නඟී..

අධික වර්ෂාව නිසා පළාත් රැසක භෝග වගාවන් විශාල වශයෙන්...

දැන් වයසයිනේ… නාමල්ගෙන් මහින්දගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ප්‍රකාශයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකය...