මහීමාගේ අනුරුවක් බඳු දියණිය අරියානා චෞද්‍රි

ජනප්‍රිය බොලිවුඩ් නළු නිළියන්ගේ දරුවන් එක එක්කෙනා මේදිනවල තිරගතවන චිත්‍රපටවලින් කළ එළි බහින්න පටන්ගෙන තියෙනවා.

මාර්තු හත්වෙනිදා සයිෆ් අලී ඛාන්ගේ පුතා ඊබ්‍රාහිම් අලී ඛාන් බොලිවුඩ්හි ඔහුගේ ගමන Nadaaniyan චිත්‍රපටයෙන් ආරම්භ කළා. ඒ ශ්‍රී දේවි සහ බොනී කපූර්ගේ දියණිය කුෂී කපූර් සමඟයි.

තවත් බොලිවුඩ් පතාක යෝධයන් කිහිප දෙනෙක්ම ඔවුන්ගේ දරුවන් සිනමාවේ ඊළඟ පරම්පරාව ලෙස හඳුන්වා දෙමින් සිටින අතරතුර තවත් දියණියක් සියලු දෙනා වශී කර ඇති බව වාර්තා වුණා.

ඇය මහීමා චෞද්‍රිගේ දියණිය අරියානා චෞද්‍රිය. පසුගිය දා Nadaaniyan මංගල දර්ශනයට මහීමා සහභාගි වෙලා හිටියේ ඇගේ පුත සහ දුවයි එක්කයි. මහීමා Nadaaniyan විත්‍රපටයේ කුෂී කපූර්ගේ මව ලෙස රංගනයෙන් දායක වන අතර
අරියානාගේ රූපය සිහිපත් කළේ මීට දශක ගණනාවකට පෙර මහීමාගේ හුරුබුහුටි දඟකාර පෙනුමය.

ඇය තනිකරම මහීමාගේ යෞවන වියේ රුවට සමාන රූප සම්පත්තියකට හිමිකම් කියනවා. සමහරු ඇය හොලිවුඩ් අයිකන් එකක් වන සෙලීනා ගෝමස්ගේ පෙනුමට ඇය සමාන කර ඇති ආකාරය දැකගත හැකියි.

ඇස්පිය ගහන බෝනික්කියක් වගේ අරියානා වැඩිකල් නොගොස් බොලිවුඩ් තිරයෙන් දැකගත හැකිවනු ඇති බවටත් අනාවැකි පල වෙමින් තියෙනවා.

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...